පාසල් 55 අභිබවා ‘අමාවක’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍රවෙයි

396

ලෝක ළමා දිනයට සමගාමීව පරිවාස සහ ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව පැවැත්වූ කෙටි චිත‍්‍රපට තරගයෙන් දිවයිනේ පාසල් පනස් පහක් අභිබවා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට මීරිගම දෙල්වල ශී‍්‍රමත් ඕල්කොට් මහා විiාලය නිර්මාණය කළ ‘අමාවක’ චිත‍්‍රපටය සමත් විය. ඒ සමග ‘අමාවක’ කෙටි චිත‍්‍රපටයට සමස්ත තරගයේදී ප‍්‍රශස්ථ සම්මාන තුනක් දිනා ගැනීමට ද හැකිවිය.

එම සම්මාන අතර හොඳම චිත‍්‍රපට, හොඳම තිර රචනය සහ හොඳම අධ්‍යක්‍ෂණය සඳහා වන සම්මාන ත‍්‍රිත්වය අයත්ව ඇත.

පාසල් 55 අභිබවා ‘අමාවක’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍රවෙයි

විiාලයීය ආචාරිනී රේණුකා ගුරුසිංහ මහත්මියගේ තිර රචනය සහ අධ්‍යක්‍ෂණයෙන් ‘අමාවක’ චිත‍්‍රපටය නිෂ්පාදනය කර තිබෙන අතර සිනමා පටය කැමරාකරණය කර තිබෙන්නේ එම විiාලයේම ආදි සිසුවකු වන අනුර රත්නායක විසිනි.

දරිද්‍රතාවයෙන් පීඩිත පවුලක දියණියක් වර්තමානයේ අහිමිවී ඇති අධ්‍යාපන අර්බුදයට මුහුණ දෙන අයුරු කොවිඞ් වසංගතය හමුවේ මාර්ගගත ඉගෙනීම් කටයුතු බොඳවී යන ආකරයත් කදිමට මෙම චිත‍්‍රපටයේදී නිරූපණය කර ඇත.

පාසල් 55 අභිබවා ‘අමාවක’ කෙටි චිත‍්‍රපටය සම්මානයට පාත‍්‍රවෙයි

පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමේදී මුහුණ පාන ගැටලූ සේම එම පහසුකම් ඇති දරුවන් ඒවා අනිසි ලෙස භාවිතා කරන අන්දමත් මෙම චිත‍්‍රපටයෙන් විග‍්‍රහකර ඇත.

විශිෂ්ඨ නිර්මාණයක් ලෙස ‘අමාවක’ නිර්මාණ දායකත්වය ලබාදී තිබෙන්නේ එම පාසලේම ගුරුවරුන් සහ සිසු දරුවන්ය.

විදුහල්පති නීලා වික‍්‍රමාරච්චි මහත්මියගේ මෙහෙයවීම යටතේ ආචාරිනී රේණුකා ගුරුසිංහ මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සහයෝගය මත දිගහැරුණු මෙම චිත‍්‍රපටය සඳහා ජී. ඒ. රේණුකා, බිමංසා මල්මන්දිනි, චන්දුප සංජීවනී ආරියරත්න, සරත් කරුණාරත්න, සීතා රන්ජනී යන ගුරු ගෝල පිරිස රංගනයෙන් දායකත්වය ලබාදී ඇත.

සටහන – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment