පාසලේ ‘ටැප්’ එක මවුපියන්ගේ ඔළුවට

420

පාසල්වල ජල බිල ගැන කවුරු කතාකළත් දෙමාපියන්ට එය ගෙවීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

පාසල්වල ජල බිල ගෙවන ලෙස ජල සම්පාදන මණ්ඩලය මගින් පාසල්වලට දැනුම්දී තිබෙන බවත් නමුත් ඒ ගැන අධ්‍යාපන අමාත්‍යාංශය නොදන්නා බව ප‍්‍රකාශ කළ බවත් ස්ටාලින් මහතා කීය. ඉන් එහාට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිවක් ප‍්‍රකාශ නොකිරීම නිසා පාසල්වල ජල බිල විදුහලටම ගෙවීමට සිදුවන බව ද ස්ටාලින් මහතා කීය.

මේ වනවිට විදුලිබිල පාසල් මගින් ගෙවන බවත් ඒ ආකාරයෙන් ජල බිල්පත ද පාසලෙන් ගෙවීමට සලස්වන්නේ එය දරුවන්ගේ දෙමාපියන්ගෙන් අයකර ගැනීමට බවත් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment