පාසල පැවැත් වූ දින 6 ට වෑන් රථ මුළු ගාස්තුවම ඉල්ලනවා!

205

ශ්‍රී ලංකාව පුරා පාසල් බස් රථ හිමිකරුවන්, මෙම මැයි මස පාසල් පැවැත් වූ දින ගණන 06 ක් වුවද, මුළු මාසය සඳහාම බස් ගාස්තු අවශ්‍ය බව ප්‍රකාශ කරමින් බලපෑම්, තර්ජනය කිරීම් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

බස් රථ හිමිකරුවන්ගේ සංගම් වල ව්‍යවස්ථා වලට අනුව යම් මාසයක පාසල් පවත්වන සහ ඔවුන් ප්‍රවාහන සේවා සපයන දින ගණන, දින 10 කට අඩු නම්, එම මාසය සඳහා ගාස්තු අය කිරීම අඩක් (භාගයක්) වන බව සදහන් කර තිබේ. එසේ ඔවුන්ගේ ව්‍යවස්ථාව තුළ තිබියදීත්, එම වගන්ති පසෙක ලා පාසල් බස් රථ හිමිකරුවන්, මෙම මැයි මාසය සඳහා මුළු මාසික ගාස්තුවම අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සිසුන් සහ දෙමාපියන් වෙත බලපෑම් කිරීමට පටන් ගෙන තිබේ. මීට අමතරව ගාස්තු ගෙවීමට පියවර නොගන්නා සිසුන් තම බස් රථ වලින් බැස්සවීමට පියවර ගන්නා බවට තර්ජනය කරමින් සිටින අයුරක්ද අසන්නට ඇත. මීට අමතරව මෙම පාසල් බස් රථ හිමිකරුවන් ඔවුන් ධාවනයේ යෙදෙන, කිලෝ මීටර් ප්‍රමාණය අනුව ගාස්තු අය කිරීම වෙනුවට තමන්ට අභිමත වූ, හිතුවක්කාර ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයකට අනුව බස් රථ ගාස්තු තීරණය කර තිබේ.

කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment