පාසල පිරිසිදු කිරීමට පැමිණි පියෙක් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මරුට

280

අලූත් අවුරුද්දේ පාසල් ආරම්භයට පෙර පාසල් පිරියත පිරිසිඳු කිරීමට පැමිණ තිබූ පියෙකු විදුහල් ගොඩනැඟිල්ලක උස් ස්ථානයකින් පහළට ඇද වැටී ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.

කුලියාපිටිය සුරදූත බාලිකා විදුහලේ පෙරේදා (30 දා* පැවති දෙමාපිය ශ‍්‍රමදානයේදී මෙසේ ඇදවැටී මියගොස් තිබුණේ කුලියාපිටිය ඇඹව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක් පමණ වන පියෙකි. ඔහුගේ දියණිය එම විදුහලේ ඉගෙනුම ලබන බව විදුහල් ආරංචි මාර්ග කියයි. කුලියාපිටිය පොලිසිය මේ පිළිබ`ද වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment