පාස්කු නඩුවේ විත්තිකරුවන් 25ක් ත‍්‍රීපුද්ගල විශේෂ අධිකරණයට කැඳවයි

117

පාස්කු බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන නවුෆර් මවුලවි හා සාගිත් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට ලබන මස 4 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට කොළඹ ති‍්‍රපුද්ගල විශේෂ අධිකරණය ඊයේ (13 දා) නියෝග කළේය.

එම නඩුව විභාග කිරීම සඳහා පත්කළ මෙම ති‍්‍රපුද්ගල විශේෂ අධිකරණයේ සාමාජිකයන් වන දමිත් තොටවත්ත, අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

එම විත්තිකරුවන් මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඔවුන් එදිනට අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඬුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment