පාස්කු නඩුවේ සැකකරුවකු කිරීමට එරෙහි මෛත්‍රීගේ පෙත්සම අද යළි කැඳවයි

81

තමන්ව පාස්කු නඩුවක සැකකරුවකු ලෙස නම්කර ලබන 14 වැනිදා අධිකරණය හමුවට කැඳවමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති නොතිසි නියෝගය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා අද (11දා) යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

එම රිට් ආඥා පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් පැමිණිල්ල විසින් ලබාදිය යුතු ලේඛන මේ දක්වා නිසියාකාරව ලැබී නොමැති බවත් ඒවා ලැබීමෙන් පසුව අධ්‍යයනය කර කරුණු දැක්වීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් පැවසීය. එම කරුණු සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.

පෙත්සම්කාර හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment