පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ තිළිනාත් මියයයි

427

ඇය තිදරු මවක්

දින 1825ක් රෝහල්ගතව ඉඳලා

ඉකුත් 2019 අප්‍රේල් 21දා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි තිදරු මවක පෙරේදා (27දා) මියගොස් ඇත. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා වසර 5කට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ තිළිනා හර්ෂණී අප්පුහාමි නමැති කාන්තාවකි.

පාස්කු ත්‍රස්තයන්ගේ එක් ඉලක්කයක් වූ මීගමුව, කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර එම ප්‍රහාරයෙන් ඇයගේ පුත්‍රයෙක් ද මරුමුවට පත්විය. ඇලේ අවසන් කටයුතු අද සවස සෙල්ලකන්ද සුසානභූමියේදී සිදුකිරීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මීගමුව විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment