පාස්කු ප්‍රහාරයෙන් පිරිසක්  දේශපාලන වාසි ගත්තා – මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මීගමුවේදී කියති

94

විමර්ශනවලින් හෙළිවූ තොරතුරු  – බලධාරීන් බුමුතුරුණු යට සැඟවූවා

ශ්‍රී ලංකාවේ සම්මත නීතියක් නැහැ. එකිනෙකට නීතිය වෙනස් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැරදි පුරුද්දක් තියෙනවා. ඕනෑම දෙයක් සති දෙකකින් අමතක කරනවා. ප්‍රභාකරනුත් ඒ බව කිව්වා. ප්‍රභාකරන්ටත් වැඩිය අපේ අමතකවීමේ ගතිය අපේ දේශපාලඥයන් හොඳ හැටි දන්නවා. ඒ නිසා දේශපාලනඥයන් ඕනෑම වැරදි ක්‍රියාවක් කරන්න පසුබට වෙන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පසුගිය 13 දා මීගමුවේදී පැවසූහ.

උන්වහන්සේ එලෙස පැවසුවේ මීගමුව කටුවපිටිය දේවස්ථානයේදී පාස්කු දා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ ආබාධිතවූ වින්දිතයන් වෙනුවෙන් වතිකානුවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ප්‍රදානය කළ පරිත්‍යාග බෙදාදීමේ උත්සවයේදීය. එම අවස්ථාවට ශ්‍රී ලංකා වතිකානු අපොස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ පියතුමන්ද සහභාගි විය.

මෙහිදී කාදිනල්තුමා මෙසේද තවදුරටත් පැවැසීය.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තයා වන සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටි පොලිස් පරීක්‍ෂකවරයා උන් අත්අඩංගුවට ගැනීම පසෙකලා අත්අඩංගුවට ගත්තා. මේකයි පාස්කු විමර්ශනයේ ඇත්ත. අප රටේ සිදුකළ මිනීමැරුම්, පැහැරගෙනයාම්, සුදුවෑන් කොල්ලකෑම් ආදිය පිළිබඳ නිසි විමර්ශනයක් කර නැහැ. එම පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයේ බලධාරීන් සහ ආරක්‍ෂක අංශ කලින් දැනසිටියත් එම ප්‍රහාරය වළක්වාගන්න කටයුතු කළේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වතිකානුවට කැඳවූ අවස්ථාවේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුරෝ ලක්‍ෂයක් (කෝටි 4ක්) පරිත්‍යාග කළා. පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගන්නත් දේශපාලනඥයන් පිරිසක් කටයුතු කළා” විමර්ශන වළදී අනාවර්නය වූ කරුණු බුමුතුරුණු යට ගහන්න රටේ බලධාරීන් කටයුතු කළි. පාස්කු ප්‍රහාරය අද අබිරහසක් වෙලා.


පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ආධාර වශයෙන් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්වහන්සේ විසින් යුරෝ ලක්‍ෂයක මුදලක් ප්‍රදානය කර තිබේ. එම මුදල් බෙදාදීමේ දෙවන වැඩසටහන යටතේ ඊයේ (14දා) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේදී වින්දිතයන් 120 කට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සහ ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති බ්‍රයන්  උඩයිග්වේ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ එහි අවස්ථාවකි.

මීගමුව සමූහ – විමල් කීර්ති

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment