පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙළි වෙයි!

292

සිව් වසරකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික – ඕස්ටේ්‍රලියානුවකු වූ ලුක්ඛාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිදා ත්‍රස්තයා බව ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය ඕස්ටේ්‍රලියානු බුද්ධි අංශය සහ එරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාථ කර ඇත.

අබු අබ්දුල්ලා යනු අල්කයිදා සංවිධානය ලබාදුන් නමකි. මොහුගේ ශ්‍රී ලාංකික සහකරුවා මොහමඩ් හක් බව ඕස්ටේ්‍රලියානු පොලිසිය දැනුම් දීමෙන් පසු කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය රැඳවුම් භාරයේ සිටි මොහමඩ් හක්ගෙන් ප්‍රශ්න කර තිබේ. මොහමඩ් හක් බූස්ස සිරගෙදර රඳවා සිටි අතර ඔහු ඒ බව පිළිගෙන ඇත.

ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා 2018 දී අල්කයිදා ත්‍රස්තයන් පස්දෙනකු පූජකයන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව මොහමඩ් හක් තවදුරටත් හෙළි කර තිබේ. මෙම අල්කයිදා ත්‍රස්තයන් පස්දෙනා සමග පණිවුඩ හුවමාරු කර ගැනීම සඳහා පවුසන් මොහමඩ් නමැත්තා සතු ජංගම දුරකථනය භාවිත කළ බව මොහමඩ් හක් ත්‍රස්ත මර්දන නිලධාරීන්ට හෙළිකර ඇත.

ඔහුගේ ප්‍රකාශය මත පවුසන් නමැත්තා ද ත්‍රස්ත මර්දන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment