පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙළිවෙයි  

1317

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු තමිල්නාඩුවේ කොයිම්බතූර්හි අයිසිස් ඒජන්ත මොහමඩ් අසරුදීන් බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව වසර තුනකට පසු සොයාගෙන ඇත. මේ බව හින්දු පුවත්පත හෙළිකර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු අසරුදීන් ඊට සමානව කොයිම්බතූර් ප්‍රහාරය සැලසුම් කර තිබුණි.

එහෙත් ඊට පෙර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. කොයිම්බතූර් ප්‍රහාරය ගැන අත්අඩංගුවට ගත් අයිසිස් ක්‍රියාකාරීන් පස්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙතෙක් යටපත්වී තිබූ පාස්කු ප්‍රහාරයේ මොළකරු හෙළිවී තිබේ.

කොයිම්බතූර් ප්‍රහාරයේදී මියගිය ජමින් මුබින් සහරාන් හෂීම් සහ අසරුදීන් අයිසිස් සංවිධානය සමග දැඩිලෙස සබඳකම් පැවැත් වූවන් බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව තවදුරටත් සොයාගෙන ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment