පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් නඩු දැමිය යුත්තේ රජයටයි – මෛත්‍රී උසාවියට කියයි

140

තනිවම වගකීම ගන්න බෑ

පාස්කු ප්‍රහාර මාලාව මැඩපැවැත්වීමේ වගකීම තමන්ට පෞද්ගලිකව භාරගත නොහැකි බවත් තමන් මේ වන විට ජනාධිපති ධුරය නොදරන බැවින් එකී ප්‍රහාරවල වින්දිතයන් වන්දි ඉල්ලා නඩු පැවරිය යුත්තේ පෞද්ගලිකව තමන්ට නොව රජයට හෝ රජය වෙනුවෙන් නීතිපතිවරයා පාර්ශ්වයක් කරමින් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (5 දා) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පැවසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ පායිස් මුස්තාපා මහතා, චමත් මොරායස් සහ ප්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඬුල්ලට ඒ බව පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ වින්දිතයන් පිරිසක් වෙනුවෙන් ගොනුකර තිබූ නඩුවල වගඋත්තරකාර භාවයෙන් තමා මුදාහරින ලෙසට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කොට තිබූ අතර එම නියෝගය අභියෝගයට ලක් කරමින් එම අභියාචනාව ගොනුකර තිබිණි. එම අභියාචනාව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද විනිසුරු මඬුල්ල දින නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment