පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට පාප් වහන්සේගේත් සහාය

325

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් සඳහා සාධාරණය ඉටුකිරීමට මෙරට කතෝලික පල්ලිය ගෙනයන සටනට සහය ලබාදීමට පාප් වහන්සේ කැමැත්ත පළකර තිබේ.

 පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සඳහා ජාත්‍යන්තර පරීක්‍ෂණයකට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පාප් වහන්සේට ලිපියක් යවා තිබිණි.

 මෙම ලිපියට සතුටුදායක ප‍්‍රතිචාර ලැබී ඇති බව සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රකාශ කරයි.

 කතෝලික පල්ලිය විපක්‍ෂයේ දේශපාලන වුවමනා වෙනුවෙන් කටයුතු කරන බවට නැගෙන චෝදනා පියතුමා ප‍්‍රතික්‍ෂෙප කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment