පාස්කු ප‍්‍රහාරය ක‍්‍රියාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍යව තිබුණා: කාදිනල්තුමා ජර්මනියේදී කියයි

667

පාස්කු ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කිරීමට බලධාරීන්ට අවශ්‍ය වූ බවට මඟපෙන්වීම් තිබුණා යැයි මැල්කම් රංජිත් කාදිනල්තුමන් ජර්මනියේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවක් අමතා පවසා ඇත.

මේ බව වතිකානු ප‍්‍රවෘත්ති සේවාව මුල්වරට හෙළි කර තිබේ. මෙම ප‍්‍රහාරය එල්ලකළේ නොමඟ ගිය තරුණයන් පිරිසක් යන මතය තමාට ප‍්‍රශ්නයක් බවද කාදිනල්තුමා සඳහන් කර ඇත. ජර්මනියේ ඒඞ් ටුූ නීඞ් සංවිධානය මෙම මාධ්‍ය සාකච්ඡුාව සංවිධානය කර තිබිණි.

ප‍්‍රැන්සිස් පාප් වහන්සේ සමග පැවැති සාකච්ඡුාවේ තොරතුරු හෙළිකළ මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසුවේ යුක්තිය ඉටු කරලීමේ කි‍්‍රයාදාමය ඉදිරියට ගෙන යන ලෙස පාප්තුමා තමාට පැවසූ බවත් එම කි‍්‍රයාදාමය අභියෝගයක් බව පැවසූ බවත්ය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment