පාස්කු ප‍්‍රහාරය ගැන ආණ්ඩුව හා විපක්ෂය ගැටෙන ‘රතුඉර’ හෙට

265

පාස්කු ප‍්‍රහාරය ගැන ඇත්ත කතාව රටට හෙළි කරන ලෙස සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ආණ්ඩුවට කළ අභියෝගය අනුව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ හා හරින් ප‍්‍රනාන්දු යන මහත්වරු හෙට 07 දා රාත‍්‍රි 10.00 ට ස්වර්ණවාහිනියේ ‘රතු ඉර’ තුළින් අදහස් දක්වති.

මේ සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම ඇමැතිවරයා සමග රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා සහභාගි වන අතර විපක්ෂය නියෝජනය කරමින් හරින් ප‍්‍රනාන්දු මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා සහභාගි වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment