පාස්කු ප්‍රහාරය ගැන ජිනීවා සමුළුවත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

253

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර සහාය මත යුද හමුදාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව වැඩබලන ජිනිවා මානව හිමිකම් කොමසාරිස් නඩා අල් නයිස් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරය ගැන දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංවිධාන 40ක් විසින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි රැසක් ඉදිරිපත් කර තිබිණි.

මෙම පරීක්ෂණය සඳහා හමුදා නිලධාරීන්ට ඇති මුක්තිය අහෝසි කළ යුතු බව ද මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශ කර ඇත. හමුදා බුද්ධි අංශයේ නිලධාරියකු දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු සමග බෝම්බ පිපිරීමට ස්වල්ප වෙලාවකට පෙර සාකච්ඡා කළ බවට තොරුරු හෙළි වී තිබිණි. එහෙත් රහස් පොලිසිය සහ ත්‍රස්ත මර්දන ඒකකය හමුදාවට එල්ල වූ චෝදනාව ගැන පරීක්ෂණ පවත්වා තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment