පාස්කු ප‍්‍රහාරය දේශපාලන කුමන්ත‍්‍රණයක කොටසක් – කොළඹ අගරදගුරුතුමෝ මානව හිමිකම් කවුන්සිලයට කියති

372

පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීම සඳහා අපක්‍ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීමට ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් හා සියලූ සාමාජික රටවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ එම කවුන්සිලයේ 49 වන සැසිවාරයට විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියහ. කාදිනල්තුමා එහිදී කළ ප‍්‍රකාශයේ මෙසේද දැක්වෙයි.

 2019 අපේ‍්‍රල් 21 වන පාස්කු ඉරුදින ශී‍්‍ර ලංකාවේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරවලින් දරු දැරියන් අසූ දෙදෙනකු (82) සහ රටවල් 14 කට අයත් විදේශිකයන් හතළිස් හත (47) දෙනකු ඇතුළුව මිනිසුන් 269 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර පන්සිය (500) දෙනකුට වඩා වැඩි පිරිසක් තුවාල ලැබූහ.

 මෙම සමූල ඝාතනය පිළිබඳව මුලින්ම ඇතිවූ හැඟීම වූයේ එය හුදෙක් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ කි‍්‍රයාවක් බවය. කෙසේ වුවද ඉන් අනතුරුව සිදුවූ විමර්ශනවලින් පෙනී ගියේ මෙම සමූල ඝාතනය, මහා දේශපාලන කුමන්ත‍්‍රණයක කොටසක් බවයි.

 අපද, සත්‍යය සොයා යන සිවිල් සංවිධාන ද දිගින් දිගටම ඉල්ලා සිටියද, වින්දිතයන් හට යුක්තිය ඉටුකිරීමට, ශී‍්‍ර ලංකාවේ රජය අසමත්වී තිබේ. ප‍්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සහ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවට යුක්තිය ඉල්ලා හඬ නඟන්නන්ට හිරිහැර කිරීමේ සහ බිය ගැන්වීමේ උත්සාහයක් දක්නට ලැබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ බිහිසුණු අපරාධය සිදුවී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් පාස්කු ඉරුදින ඇත්තටම සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අපි තවමත් අඳුරේ සිටිමු. මෙය අගතියට පත් වින්දිතයන්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ අවස්ථාවක් බැවින් අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ එහි සියලූම සාමාජික රටවල්වලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම කවුන්සිලය මගින් පසුගිය වසරේ ආරම්භ කරන ලද සාක්‍ෂි රැුස්කිරීම ඉදිරියටම කරගෙන යෑමටත් පාස්කු ඉරිදා සමූල ඝාතනය පසුපස ඇති සත්‍යය සොයා ගැනීමට අපක්‍ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සහතික කිරීම සඳහා ක‍්‍රමවේදයක් සැලසුම් කිරීමටත් සහයෝගය දක්වන ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment