පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට පිටරටවල් ගාවගන්න එපා

183

දෙවියන් වහන්සේ සාධාරණයි අපි උන්වහන්සේගේ උසාවියට යනවා

පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විදේශයන්හි පොලිස් සහාය අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.

කඳවල මීසමේ සාන්ත තෙරේසා දෙව්මැඳුරේ 75 වැනි ජුබිලි මංගල්‍ය දිව්‍ය පූජාවේදී එතුමා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොඩ්ලන්යාඩ් පොලිසියට පවරනවා යැයි වත්මන් රජය පවසනවා. එම පරීක්ෂණ කටයුතු පිටරටට දෙන්න ඕනෑ නැහැ. අපේ පොලිස් නිලධාරීන්ට නිදහස දුන්නොත්, අවශ්‍ය පහසුකම් දුන්නොත් මෙහි පිටුපස ඉන්නේ කවුද කියලා හොඳටම දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා. දෙවියන් වහන්සේ සාධාරණයි කියලා අපි දන්නවා. ඒ නිසා උන්වහන්සේගේ උසාවියට තමයි අපි මේක ගෙනියන්නේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment