පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… ‘මදර්බෝඩ්’ ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

1575

පසුගිය සතියේ යුරෝපා සංගමයේ දූත පිරිසක් මෙරටට සම්ප‍්‍රාප්ත විය. මේ දූත පිරිස ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, එම්. කේ. සුමන්තිරන් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් සමඟ සාකච්ඡා කළහ. ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන්න. නව ව්‍යවස්ථාවක් යටතේ අපට බලය ලබා දෙන්න යයි ඔව්හු දූත පිරිසට කියා සිටියහ.

එහෙත් රජය හෝ ජනාධිපති ඊට එකඟ වූයේ නැත. යුරෝපා සංගමයද ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතුයි යන ස්ථාවරයේ සිටියත් රජය හෝ ජනපති ඊට හිස නැමුවේ නැත. මේ ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ සහ ඇයට තොරතුරු සපයන මෙරට එන්. ජී. ඕ. කල්ලිය සහ යුරෝපා සංගමය පසුගිය වසර තුන මුළුල්ලේ ඉල්ලා තිබුණි.

එහෙත් රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ ත‍්‍රස්ත මර්දන පනත ගැන රජය ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ එකඟ විය යුතුද?

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… 'මදර්බෝඩ්' ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

ස්විස් රජය ඉතා බරපතළ ත‍්‍රස්ත මර්දන පනත් කෙටුම්පතක් සම්මත කළ අතර ඊට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්වරිය හඬ නැගුවේ නැත. මේ පසුබිම මැද සැප්තැම්බර් 30 දා නවසීලන්ත රජය එරට ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කළේය.

මේ පනත යටතේ ත‍්‍රස්තවාදී කි‍්‍රයා සැලසුම් කිරීමද අපරාධකාරී කි‍්‍රයාවක් ලෙස දක්වන වගන්ති නවසීලන්ත පනතේ අන්තර්ගත වේ. මෙම නවසීලන්ත ත‍්‍රස්ත මර්දන පනත සම්මත වූයේ අන්වර් ආදිල් සම්පුදීන් නැමැති ශ‍්‍රී ලාංකික අන්තවාදියා සුපිරි වෙළෙඳසලක් අසල දී කීපදෙනෙකුට පිහියෙන් කෙටීමයි. එහිදී පොලිසිය අන්තවාදියාට වෙඩි තබා මරා දැමීය. මෙම වෙඩි තැබීම මෙරට සිදුවූවානම් සම්සුදීන්ගේ කකුල හෝ අතකට වෙඩි තැබීමට පොලිසිය කි‍්‍රයානොකළේ මන්දැයි රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් ප‍්‍රශ්න කර වෙඩි ප‍්‍රහාරවල් එල්ල කළ පොලිස් භටයා චූදිතයා යයි පවසනු නොඅනුමානය.

වෙඩි තබා මැරූ සම්සුදීන්ට වෙඩි වැදී තිබුනේ කොතනටද හෝ ඔහු පොලිසියට යටත් වීමෙන් පසු වෙඩි තබා ඇති බව කිසිම ප‍්‍රශ්නයක් නවසීලන්ත පාර්ලිමේන්තුවෙන් එල්ල වූයේ නැත.

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… 'මදර්බෝඩ්' ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

එසේම ශ‍්‍රී ලාංකිකයකු නිසා ත‍්‍රස්ත මර්දන පනතක් සම්මත කිරීම වැරදි බව මානව හිමිකම් කවුන්සිලය නවසීලන්ත රජයට පැවසුවේ නැත. මෙම නවසීලන්ත ත‍්‍රස්ත මර්දන පනතට අඩංගු නව නීතියක් නම් එරට සිට වෙනත් රටකට ගොස් ත‍්‍රස්ත කි‍්‍රයාවක් සිදුකිරීමද අපරාධයක් බවයි. මෙයට අමතරව වරෙන්තුවකින් තොරව ඕනෑම තැනකට ඇතුළු වීමට, පරීක්‍ෂා කිරීම පොලිසියට හැකිවේ.

මෙම ත‍්‍රස්ත මර්දන පනතට සමාන ත‍්‍රස්ත මර්දන පනත් ඔස්ටේ‍්‍රලියාවේ සහ බි‍්‍රතාන්‍යයේද කි‍්‍රයාත්මක වේ. එහෙත් ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයේ සැකටයුතු පිරිස් පරීක්‍ෂා කළ විට ඊට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන සහ ද්‍රවිඩ සන්ධානය හඬ නගන බව හෙළි වී ඇත.

මේ අතර ශ‍්‍රී ලංකා රජය ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට කි‍්‍රයාකළ හොත් මහා විනාශයක් සිදුවේ. ඒ අනුව රැඳවුම් භාරයේ සිටින කොටි මිනීමරුවන් සහ පාස්කු ප‍්‍රහාරයට අදාළ ඉස්ලාමීය අන්තවාදීන් 311 ක් නිදහස් වේ. ත‍්‍රස්ත මර්දන පනතක් නැතුව ශ‍්‍රී ලංකාව පාලනය කළ නොහැකිය. මන්ද 12000 ක් කොටි ත‍්‍රස්තයන් උතුරේ සිටිමත් ඉස්ලාමීය අන්තවාදීන් තවදුරටත් කාත්තන්කුඩි වැනි ප‍්‍රදේශ වල ස්ථානගත වීමත්ය.

මේ ඉස්ලාමීය අන්තවාදීන් ගැන කිසිසේත් විශ්වාස කළ නොහැක්කේ ඇෆ්ගනිස්ථානය තලෙයිබාන් ත‍්‍රස්තවාදීන්ට නතුවීමයි. එවන් පසුබිමක් මැද මෙරට බුද්ධි අංශ වල ඉස්ලාමීය ඒකකයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුය.

මුස්ලිම් ඡුන්දවලට වඩා රටේ ආරක්‍ෂාවට මුල්තැන දිය යුතුය. මේ අතර කොටි හිතවාදී හිටපු බී බී සී වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන් පසුගිය සතියේ වාර්තාවක් ප‍්‍රකාශයට පත්කරමින් රජය ද්‍රවිඩයන් පැහැරගෙන යාම සහ ඔවුන්ට වධහිංසා පැමිණවීම ආරම්භ කර ඇතැයි කීවාය.ත‍්‍රස්තවාදී මර්දන ඒකකය මෙම පැහැර ගැනීම් සිදුකරන බව ඇය තවදුරටත් පැවසුවේ එම සිදුවීම් දුටුවාක් මෙනි.

මෙලෙස වධහිංසාවලට ලක්වූ වන් ඉංග‍්‍රීසි ඕඩය ඔස්සේ එරටට පැමිණි බවද හැරිසන් තවදුරටත් සඳහන් කර ඇත.

ඇගේ මෙම බොරු වාර්තා ප‍්‍රකාශයට පත්කිරීමට යස්මින් සුකා සහ ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන ජේ. ඞී. එස්. නැමැති කොටි හිතවාදී සංවිධානය සහය වී ඇත. මේ අතර වැරදිකරන රහස් පොලිස් නිලධාරීන් ගැන පොලිස්පතිවරයා අදවනතුරු නිසි කි‍්‍රයාමාර්ග නොගන්නේ මන්ද?

මේ ඊට නිදසුන්ය.

2019 අවසානයේදී රහස් පොලිසියේ පරීක්‍ෂක නිශාන්ත සිල්වා තම පිස්තෝලය සහ යතුරු පැදිය රහස් පොලිසියට භාරදී ඇත. එහෙත් එම පිස්තෝලය සහ යතුරු පැදිය භාරගත් අංශයේ නීතිවේදියකුගේ කාර්යාලයේද සේවය කළාය. එසේම නිශාන්ත සිල්වා සමඟ සබඳතා පැවැත්වූ දර්ශා බැස්ටියන් මෙරටින් පැනයන තුරු රහස් පොලිසිය බලාසිටියේය. මෙයට අමතරව ස්විස් තානාපති කාර්යාලයේ ගානියා ප‍්‍රැන්සිස් නැමැති වීසා බලපත් ලබාදෙන නිලධාරිනිය සමඟ රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා දිගු කලක් සබඳතා පවත්වා ඇත. ඔහුගෙන් ඇය හරහා ස්විස් බලධාරින්ට රාජ්‍ය රහස් පිටවූයේද?

මෙම පොලිස් නිලධාරියාගේ ඔස්ටේ‍්‍රලියානු තානාපති කාර්යාල සබඳතාද දැන් හෙළි වී ඇත. ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව සාක්කි දුන්නොත් ඔස්ටේ‍්‍රලියාවට යවන බව ඔහු අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට පවසා තිබේ.

මින් රහස් පොලිස් නිලධාරීන්ගේ තානාපති කාර්යාල සබඳතා අනාවරණය වේ. එහෙත් වත්මන් රජයද මේ කිසිදු සිද්ධියක් ගැන පරීක්‍ෂණ පවත්වා නොමැත. මෙවන් තොරතුරු හෙළි වන අවස්ථාවේ රහස් පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ ජිනීවා සබඳතා ගැන පවා පරීක්‍ෂණ සිදුවී නැත.

මෑතකදී හෙළි වූයේ නිශාන්ත සිල්වා ළඟ තිබූ ලිපියක් හිටපු කැරලි කරු රංජි මල්ලි නැමැත්තාට ලැබීමයි. එසේම රහස් පොලිසිය සහ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් අතර පැවැති සබඳතා සහ ඊට දායක වූ යහපාලන දේශපාලකයන් කවුද?

මෙම සබඳතා ත‍්‍රස්ත මර්දන ඒකකයේ හිටපු ප‍්‍රධානී නාලක සිල්වා වරක් අනාවරණය කරනු ලැබීය.

එහෙත් පොලිස්පති ඒ ගැන පරීක්‍ෂණ කළේද?

මේ රහස් පොලිසියේ වැරදි පොලිස් ඇමැති සරත් වීරසේකරට ද විමර්ශනය කළ හැක. මෙලෙස රහස් පොලිසිය රාජ්‍ය රහස් පනත පවා ප‍්‍රසිද්ධියේම උල්ලංඝණය කරද්දී වත්මන් රජය කුමක්කරන්නේද යන්න ප‍්‍රශ්නයකි. දැනටමත් රහස් පොලිසියේ ප‍්‍රධානීන් කීපදෙනෙක් වෙනස්වී ඇත. පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වනාතවිල්ලූවේ ලැන්බෝවත්තේදී අල්ලාගත් අන්තවාදීන් දෙදෙනෙක් මුදාහැරීමටද රහස් පොලිසිය කි‍්‍රයා කළේය.

ඊට වගකිවයුතු රහස් පොලිස් නිලධාරීන් තවදුරටත් සේවයේ යෙදී සිටී. වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය හිටපු කොටි කි‍්‍රයාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ රහස් පොලිසියේ ප‍්‍රධානියකුට කළ දැනුම්දීම ගැනද රහස් පොලිසිය අවධානය යොමුකර නොතිබුණි.

මේ තත්ත්වය මත රහස් පොලිසියේ වැරදිකරුවන් ගැන රජය ගන්නා පියවර කුමක්ද? විදේශ රටවල සිට කි‍්‍රයාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පාස්කු ප‍්‍රහාරයේ මොළකරු ලෙස ජනපතිවරයා නම්කර ඇතත් රහස් පොලිසිය නිහඬව සිටියි. මේ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් සහ බොරු මරණ තර්ජන පෙන්නුම් කර දේශපාලන රැකවරණ ලබාගත් වූවන් පාස්කු ප‍්‍රහාරය කනපිට පෙරලීමට කි‍්‍රයා කරති. මේ අතර නෝර්වේ ද්‍රවිඩ මන්ත‍්‍රිනී හම්සි ගුණරත්නම් ප‍්‍රකාශයක් කරමින් වන්නි මෙහෙයුම ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කිරීමට ශ‍්‍රී ලංකා රජය ඉඩදිය යුතු බව ප‍්‍රකාශ කර ඇත.

පාස්කු ප්‍රහාරයේ රහස් විදේශගත කළ අයුරු හෙළිවේ… 'මදර්බෝඩ්' ඇමෙරිකාවේ සහ ඔස්ටේ‍්‍රලියාවේ

අන්තර්ජාලය ඔස්සේ ද්‍රවිඩ සහ සිංහල මාධ්‍ය අමතමින් ඇය මේ බව පවසා ඇතැයි කොටි වෙබ් අඩවියක් පවසා තිබේ. මේ අතර සහරාන්ගේ ජංගම දුරකථන දෙකේ මදර්බෝඞ් උපාංග ඇමරිකානු එෆ් බී අයි සහ ඔස්ටේ‍්‍රලියානු ෆෙඩරල් පොලිසියට ලබාදී ඇත්තේ රහස් පොලිසියේ හිටපු නිලධාරියකු බව හෙළි වී ඇත. මෙම උපාංගවල සියළු දුරකථන තොරතුරු සටහන් වී ඇත. සිම් කාඞ්පත් විනාශ කර දැමුවත් මදර්බෝඞ් හි තොරතුරු සටහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment