පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

284


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව
පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද සඳහන් කළේය.
2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පතිවරයා පවසයි.

එය සිදුවීමට පෙර සිදුවූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බව පෙනීයන බවත් පොලිස්පතිවරයා සඳහන් කරයි.

පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවය.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාව ට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බවද පෙන්වා දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment