පාස්කු ප‍්‍රහාරයට බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙක් කොටුකිරීමේ සැලසුමක්

806


පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ශී‍්‍ර ලාංකිකයකුට එරට ආගමන සහ ආරක්‍ෂක විනිශ්චය මණ්ඩලය දේශපාලන රැුකවරණය ලබාදී ඇති බව පසුගිය 14 වැනිදා සවස 2.49 ට නවසීලන්ත ගුවන් විදුලිය නිවේදනය කිරීමත් සමගම එරට සිටින සිංහලයන් මේ පුද්ගලයා කවුදැයි සෙවීමට කි‍්‍රයා කළේය. එම ගුවන් විදුලි සේවාව තවදුරටත් පැවැසුවේ ඔහු සිංහලයකු බවයි. නිව්සීලන්ඞ් රේඩියෝ හෙවත් ආර්.එන්.ඉසඞ්. ගුවන් විදුලිය මේ තොරතුරු හෙළිකරන තුරු මෙරට රහස් පොලිසිය ත‍්‍රස්ත මර්දන ඒකකය හෝ පොලිසිය ඔහු කවුදැයි දැන සිටියේද?

පොලිසිය ඒ වන විට අත්අඩංගුවට ගෙන තිබුණේ ඔහුගේ ද්‍රවිඩ බිරියයි. මේ පුද්ගලයා මුදල් විදේශ ගත කිරීමේ ජාවාරමක් මෙහෙය වූවෙකි. එම මුදල් තැන්පත් කරනු ලැබුවේ විදේශගතව සිටින බ්‍රෝකර්වරයකුගේ නමිනි. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. මේ සිංහලයා නවසීලන්ත ආගමන විනිශ්චය මණ්ඩලය අමතමින් මෙලෙස ප‍්‍රකාශ කර ඇත. වසරක් තිස්සේ මම මෙම ගනුදෙනුව ගෙන ගියා. එහෙත් රජයේ බලධාරීන් මාව ද්‍රෝහියකු ලෙස නම් කළා.

පාස්කු ප‍්‍රහාරයට බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙක් කොටුකිරීමේ සැලසුමක්
හමුදා බුද්ධි ප‍්‍රධානී සුරේෂ් සාලේ

මොහුගේ මෙම මුදල් හුවමාරුවට ඔහුගේ විදේශගතව සිටින නැන්දනියද බ්‍රෝකර්ද සම්බන්ධ විය.

පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයූ බවට පවසන මෙම සිංහලයා අල්ලා ගැනීමට පොලිසියට නොහැකි වුවත් ද්‍රවිඩ බිරිය අසුවිය. ප‍්‍රශ්න කිරීම්වලින් පසු ඇයව මුදාහරිනු ලැබූ අතර නවසීලන්ත ගුවන් විදුලිය පැවසුවේ ඇය පොලිසියට අල්ලස් දීමෙන් පසු මුදාහරින ලද බවය. අනතුරුව විස්මය ජනක සිද්ධියක් හෙළිවිය. ඒ පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයූ බව කියන සිංහලයා සහ ඔහුගේ බිරිය ව්‍යාජ ගුවන් බලපත‍්‍රවලින් නවසීලන්තයට යෑමය. එහෙත් මොවුන්ට ව්‍යාජ ගමන් බලපත‍්‍ර සැපයුවේ කවුද සහ නවසීලන්ත බලධාරීන් එම ගමන් බලපත‍්‍රවලට වීසා නිකුත් කළේ කෙසේදැයි හෙළිවී නැත. මෙහිදී නැෙ`ගන ප‍්‍රශ්නය නම් පොලිසිය මොවුන් ගැන කටුනායක ගුවන්තොටුපළේ රහස් පොලිස් ඒකකයට දැනුම් දුන්නේද යන්නයි. පාස්කු ප‍්‍රහාරය පසුපස කුමන්ත‍්‍රණයක් ඇතැයි හිටපු නීතිපතිවරයා පවසා තිබුණි. එහෙත් කුමන්ත‍්‍රණකරුවන් අද වන තුරු සොයා ගැනීමට පොලිසියට හැකිවී නැත. එසේම පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයූ බව කියන සිංහලයා සහ ඔහුගේ ද්‍රවිඩ බිරිය නවසීලන්තයට පැන යෑම පසුබිමේද කුමන්ත‍්‍රණයක් ඇත. මේ ඊට අදාළ කරුණුය.

1. පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයූ සිංහලයා අල්ලා ගැනීමට පොලිසිය කි‍්‍රය නොකළේ මන්ද?

2. ඔහු සහ බිරියට ව්‍යාජ ගමන් බලපත් මෙන්ම වීසා ලබා ගැනීමට හැකිවූයේ කෙසේද?

3. ව්‍යාජ ගමන් බලපත්වලට ගුවන් ප‍්‍රවේශපත‍්‍ර නිකුත්විය.

4. මෙම යුවළට කටුනායකින් පැන යෑමට උදව් දුන්නේ කවුද?

5. විදේශ මුස්ලිම් තැරැුව්කරුට මොහු කොපමණ මුදලක් යැව්වාද?

නවසීලන්තයට පැමිණි මේ යුවළ තමන්ව ආපසු ශී‍්‍ර ලංකාවට යැව්වොත් ශී‍්‍ර ලංකා බලධාරීන්ගේ හිංසාවලට ලක්වන බවට ඇඟවන ආරක්‍ෂක මණ්ඩලය හමුවේ කළ ප‍්‍රකාශය එම මණ්ඩලය පිළිගෙන ඇත. මේ අතර නවසීලන්ත විනිශ්චය මණ්ඩලය ශී‍්‍ර ලංකාවේ රහස් පොලිසිය හෝ ත‍්‍රස්ත මර්දන ඒකකයෙන් මෙම තැනැත්තා ගැන විමසීමක් කර නැත. මෙකී සිංහලයාගේ ද්‍රවිඩ ජාතික බිරියගේ සොහොයුරිය විවාහවී සිටින්නේ මුස්ලිම් ජාතිකයකු සමගය. මෙම පසුබිම මැද තැන්පත් කරන ලද මුදල් ප‍්‍රහාරයට සම්බන්ධ වූවන්ට සම්බන්ධ බවද වාර්තාවී ඇත.

පාස්කු ප‍්‍රහාරයට බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙක් කොටුකිරීමේ සැලසුමක්
නවසීලන්ත පුවත් වාර්තාව


2019 අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ප‍්‍රහාරයෙන් වසර 2 කට පසු මෙම තොරතුරු හෙළිවී ඇත. එසේම මෙම සිංහලයා සහ බිරිය දේශපාලන රැුකවරණ පැතීම සඳහා නවසීලන්තය තෝරාගනු ලැබීමද කල්තියා කළ සැලසුමක් බව පැහැදිලිය. මන්ද යත් නවසීලන්ත අනාථයන් පිළිබඳ පනතෙන් අංක 129(2* යටතේ එරටට පැමිණෙන කිසිවකු එරටින් පිටුවහල් කළ නොහැකි නිසාය. මේ පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් ඔස්ටේ‍්‍රලියාවට සම්බන්ධ බව පසුගියදා අපි අනාවරණය කළෙමු. දැන් නවසීලන්තය දක්වා පාස්කු ප‍්‍රහාර සිද්ධිය ව්‍යාප්ත වී තිබේ. මේ අතර නවසීලන්තයට පැනගිය සිංහලයාගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නැත. එහෙත් මෙරට පොලිස් බලධාරීන් ඔහු අන්තවාදීන්ට මූල්‍ය පහසුකම් ලබාදීමට කි‍්‍රයාකර ඇති බවට සැක කරයි. ඒ බව සිංහල සැකකරුද සැක පහළ කරන බව නවසීලන්ත ගුවන් විදුලි සේවාව කියා සිටී. මේ වන විට පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් 300 කට අධික අන්තවාදීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අන්තවාදීන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්ත මර්දන පනත යටතේය. එහෙත් බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් 6 ක් ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිවී ඇත. බි‍්‍රතාන්‍ය රජය 2000 වසරේ සම්මත කළ ත‍්‍රස්ත මර්දන පනත යටතේ එරට අන්තවාදීන් අත්අඩංගුවට ගනිද්දී බි‍්‍රතාන්‍ය තානාපති සිමොන් ස්ටැන්ලි ශී‍්‍ර ලංකාවේ ත‍්‍රස්ත මර්දන පනතට එරෙහිවී ඇත.

පාස්කු ප‍්‍රහාරයට බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙක් කොටුකිරීමේ සැලසුමක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී. විග්නේෂ්වරන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත පිටු 7 ක පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මෙරට ජනතාවගේ දැන ගැනීම සඳහා එම ලිපියේ ඇති කරුණු අප ඉදිරිපත් කරන්නෙමු.

1. රජය ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවට වෙනස්කම් කරයි.

2. මුලතිව්හි අක්කර 60000 ක ඉඩම් සංඛ්‍යාවක් හමුදාව පරිහරණය කරයි.

3. උතුරේ ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි.

4. යුද්ධය නිමාවන විට 146000 ක ජනතාවක් අතුරුදන්වී ඇත.

5. මියගිය සංඛ්‍යාව 70000 කට අධිකය.

6. ද්‍රවිඩ ජනතාවගේ ඉඩම්වලින් විශාල සංඛ්‍යාවක් හමුදාව අත්පත් කරගෙන ඇත.

7. මුලතිව්හි ඉඩම් අක්කර 80000 ක් රජයේ ආයතන විසින් පවරාගෙන තිබේ.

8. යුද හමුදාව අක්කර 16190 ක් පවරාගෙන තිබේ.

9. උතුරේ සිංහල භාෂාව කි‍්‍රයාත්මක නොවේ.

10. උතුරේ හමුදා මූලස්ථාන පහක් ඇත.

11. ද්‍රවිඩ වැසියන් එක් අයකුට හමුදා සෙබළුන් 6 ක් සිටී.

12. උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම් ගැන සෙවීමට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු පත්කරන ලෙස ඉල්ලා සිටී.

මේ කරුණු සනාථ කිරීමට විග්නේෂ්වරන් සාක්කිකරුවකුද ඉදිරිපත් කර ඇත. ඒ ඇමෙරිකාවේ සිට කි‍්‍රයාත්මක වන කොටි හිතවාදී ඕක්ලන්ඞ් ආයතනයයි. රජයේ සහ විපක්‍ෂයේ දේශපාලකයන් වී, හාල්, සීනි, කිරිපිටි ගැන එකිනෙකා වාද කරද්දී විග්නේෂ්වරන්ලාගේ කි‍්‍රයාදාමය රටේ ජනතාවට අවබෝධ විය යුතුය.

මෙම පසුබි මැද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු හමුදා නිලධාරීන් 28 කට එරෙහිව යුද අපරාධ නඩු ගොනු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් මිලියන 28 ක අතිවිශාල මුදලක් අනුමත කර ඇත. ඒ අනුව සාක්‍ෂි එකතු කිරීම ඇතුළු කටයුතු සඳහා වැඩකටයුතු දැනටමත් ආරම්භ වී ඇත. එහෙත් උදේ සිට රාති‍්‍රය වන තුරු කොරෝනා ගැන හඬ නැඟීම් සිදුවන අතරේ ඊට මුවාවී මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට එරෙහි මෙම මෙහෙයුම දියත් කර තිබේ. මානව හිමිකම් කොමසාරිස්වරිය ස්වාධීන නම් ඇය පවසන එම 120000 ක සාක්‍ෂිකරුවන් කවුදැයි හෙළිකළ යුතුය. මේ අතර මෙරට මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාවේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව හිටපු නීතිපති කි‍්‍රයා නොකිරීම ගැන චෝදනා කර ඇත. එහෙත් හිටපු ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් විසින් ගාලනර් නමැති හමුදා නිලධාරියාට හා ඉරාක සිවිල් වැසියන් ඝාතනයට වරදකරුවන් වූ ඇමෙරිකානු ආරක්‍ෂක සමාගමක භට පිරිසට ජනාධිපති සමාවදීම වරදක් වේ. එහෙත් ට‍්‍රම්ප්ට එරෙහිව මානව හිමිකම් කොමසාරිස්වරිය වචනයක්වත් පවසා නැත. මේ අතර ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 කට එරෙහි විශේෂ විමර්ශනයේ කටයුතු ඔක්තෝබර් 13 දා ආරම්භ වේ. මෙවන් පසුබිමක් මැද නව රාජ්‍ය නොවන සංවිධාන පණතට රජය අනුමැතිය දුන්නේය. මෙය මෙරට රාජ්‍ය නොවන සංවිධාන 33 කල්ලියට එල්ලවූ බරපතළ පහරකි. එම පණත සම්බන්ධයෙන් එම කල්ලිය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට පැමිණිලි කර ඇති අතර රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයා හෙළි කරන රජයේ නිලධාරීන්ට අවමන් කිරීමේ මෙහෙයුමක්ද දියත්වී ඇත.

පාස්කු ප‍්‍රහාරයට බුද්ධි අංශයේ ඉහළ නිලධාරියෙක් කොටුකිරීමේ සැලසුමක්

මෙවැනි තත්ත්වයක් මැද පවතින රජය වෙනුවට වෙනත් රජයක් බලයට පැමිණියහොත් යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීහු 28 ක කණ්ඩායමට දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු නියතය. එහිදී නැෙ`ගන ප‍්‍රශ්න මෙසේයි.

මානව හිමිකම් කොමසාරිස්වරිය එකී හමුදා නිලධාරීන් කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අධිකරණයකට භාරදෙන ලෙස පැවසුවොත් එම ඉල්ලීම ශී‍්‍ර ලංකාව ඉටුකරන්නේද යන්නයි. පසුගිය යහපාලන රජය ශී‍්‍ර ලංකාව යුද අපරාධ සිදුකළ බව පිළිගත් විටෙක මානව හිමිකම් කොමසාරිස්වරියගේ එවන් ඉල්ලීමක් ඉටුකිරීමට ඉඩ ඇත. ඇය දැනටමත් පවසා ඇත්තේ බලගතු වීමේ කි‍්‍රයාවලියක් දියත් කරන බවය. එසේම ඉදිරියේදී ආරම්භ කරන යුද අපරාධ නඩු සඳහා සාක්‍ෂි ආරාක්‍ෂා කරන බවයි. බැචලේගේ මේ ප‍්‍රකාශය අනාගතයේදී ශී‍්‍ර ලංකා හමුදා නිලධාරීන් යුද අපරාධ සඳහා වරදකරුවන් කිරීමේ මෙහෙයුමකි. මේ අතර යහපාලන රජය විසින් හමුදා බුද්ධි සේවයෙන් ඉවත් කළ මේජර් ජෙනරාල් සුරේෂ් සාලේගේ නම යළිත් පාස්කු කරලියට පැමිණ ඇත. සුරේෂ් සාලේ ප‍්‍රමුඛ හමුදා බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු බව සනාථ කිරීම සඳහා මේ මෙහෙයුම දියත්වී ඇත. එම තොරතුරු සොයාගෙන ඇති ස්විස්ටර්ලන්තයේ සිටින බොරු ෂර්ලොක් හෝම්ස්ය. ඒ 1991 වසරේ කැරලිකරුවකු වූ රංජි මල්ලි හෙවත් සුනන්ද දේශපි‍්‍රය නමැත්තායි. යහපාලන රජය පාස්කු ප‍්‍රහාරය ගැන සෙවීමට හිටපු රහස් පොලිස් අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඉවත්කර රංජි මල්ලිව පත්කළේ නම් ප‍්‍රහාරයේ සුලමුල පමණක් නොව සුරේෂ් සාලේද බෙල්ලෙන් අල්ලා ගැනීමට හැකිවනු නොඅනුමානය. මන්ද පාස්කු ප‍්‍රහාරයේදී දිවි නසාගත් සහරාන්ගේ කඳවුරුවල හමුදා ඔත්තුකරුවන් පුහුණු වූ බව රංජි මල්ලි අලූත්ම තොරතුරු ඉදිරිපත් කිරීමය. එසේම මඩකලපුවේ වව්නතිව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමට කොටි සම්බන්ධ බවට සැක කළ නොහැකි බව ගෝඨාභය රාජපක්‍ෂ මහතා හිටපු රහස් පොලිස් නිලධාරියකු වූ රවි සෙනවිරත්න අමතා කළ ප‍්‍රකාශයද සුනන්ද දේශපි‍්‍රය නමැත්තාගේ සැකයට භාජනයවී ඇත.

යහපාලන රජය සමයේ පොත් සාප්පු වෙළෙන්දකු වූ සරත් විජේසූරියගේ ඉල්ලීම මත එවකට හමුදා බුද්ධි ප‍්‍රධානි සුරේෂ් සාලේ ඉවත් කෙරුණි. මෙවර අලූත්ම සොයා ගැනීම නම් සාලේ අන්තවාදී සහරාන්ට සම්බන්ධ වීමය. එහෙත් අත්අඩංගුවට ගෙන ඇති ඉස්ලාම් අන්තවාදීන් 311 කගෙන් එක් අයෙක්වත් සාලේ සහ සහරාන් අතර සම්බන්ධතාවයක් ගැන හෙළිකර නැත.

එහෙත් සහරාන් සමග රහස් පොලිසියේ ඔත්තුකරුවකු සබඳකම් පවත්වා ඇතැයි අනාවරණය වූවත් එම තොරතුරු වසන්වී තිබේ.

යහපාලන රජය සමයේ සුරේෂ් සාලේ අත්අඩංගුවට ගැනීමේ රහස් පොලිස් මෙහෙයුමක් දියත් වුවත් හිටපු ජනපතිවරයා ඔහුව මැලේසියාවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයට යවා ඔහු රැකගනු ලැබීය. සාලේ පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන බලධාරීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙතද පැමිණිලි කර ඇතැයි වාර්තා විය.

මෙලෙස හිටපු හමුදා බුද්ධි ප‍්‍රධානියා පාස්කු ප‍්‍රහාරයට කොටු කිරීමේ එන්ජී ඕ සැලසුමට අනුව හමුදා බුද්ධි නිලධාරියකු එම පාස්කු ප‍්‍රහාරයේ වගකීම භාර ගන්නා ලෙස අයිසිස් සංවිධානයෙන් ඉල්ලා ඇතැයිද දන්වා තිබේ. මේ අයුරින් අයිසිස් ත‍්‍රස්ත සංවිධානයට ශී‍්‍ර ලංකාවේ බුද්ධි සේවා නිලධාරියකුට උපදෙස් දිය හැකිද?

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment