පාස්කු ප‍්‍රහාරයට මුදල් දී නවසීලන්තයට පැන්නේ සිංහලයෙක්

295

පාස්කු ප‍්‍රහාරයට අරමුදල් සැපයීම සම්බන්ධව ශ‍්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කර සිටි ශ‍්‍රී ලාංකිකයා නවසීලන්තයට පැනගොස් ඇති අතර ඔහු සිංහලයකු බව හෙළිවී ඇත.

මොහු කටුනායක ගුවන් තොටුපළින් ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් තම බිරිය සමග නවසීලන්තයට පැනගියේ කෙසේදැයි සොයා ශ‍්‍රී ලංකා පොලිසිය පරීක්‍ෂණ අරඹා තිබේ.

ශ‍්‍රී ලංකා පොලිසිය මොහු ගැන වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස නවසීලන්ත පොලිසියෙන් ඉල්ලා ඇත. මොහුට සහ මොහුගේ ද්‍රවිඩ බිරියට එරට ආගමන මණ්ඩලය දේශපාලන රැුකවරණ ලබාදී ඇති අතර ඊට පෙර ශ‍්‍රී ලංකා පොලිසියෙන් තොරතුරු විමසා නැත.

කීර්ති වර්ණකුලසූරිය

 

advertistmentadvertistment
advertistmentadvertistment