පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන්ට ගැලවීමක් නෑ…..

239

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැුහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (22 දා) පැවසීය.

මෙම පාස්කු ප‍්‍රහාරයේ නියම සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවට කාදිනල්තුමා නඟනු ලබන චෝදනා සම්බන්ධව නැගූ ප‍්‍රශ්නයකට අගමැතිවරයා පිළිතුරු දෙමින් එසේ පැවසීය.

මෙම සිද්ධියට අවශ්‍ය කරන සෑම තරාතිරමකම සැකකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද කී අගමැතිවරයා මේ පිළිබඳව සැක සංකා ඇතිකරගත යුතු නැතැයිද කීවේය.

මේ පිළිබඳව නීතිපතිවරයා අදාළ ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අගමැතිවරයා පැවසීය.

ජනාධිපති විමර්ශන කොමිසමෙන් හෙළිවූ තොරතුරු අනුව මෙම සැකකරුවන් මෙසේ නීතිය හමුවට ඉදිරිපත් කරන බව ද අගමැතිවරයා වැඩිදුරත් කීවේය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment