පාස්කු ප‍්‍රහාරය ගැන ජිනීවා යන්න වෙනවා… කාදිනල් හිමි කියති

337

මෙරට තුළ සිදුවූ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධායන් සත්‍යය තොරතුරු සෙවීමට ජාත්‍යන්තරයට යෑමට සිදුවන බව අගරදගුරු කාදිනල් හිමිපාණෝ පැවසූහ.

මේ වන විට පැවැත්වෙන මාධ්‍යය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු මේ රජය යට ගහනවා. වින්දිතයින්ට යුක්තිය ඉටු කරන්නේ නෑ. මේ ආණ්ඩුව බොරු කියනවා. අපිට රජයෙන් බාල පිළිතුරු ලැබෙන්නේ. මේ පිළිබඳ ජාත්‍යන්තරයට රජය යනවා කියනවා. අපිටත් ජාත්‍යන්තරයට යන්න වෙනවා. අපිට ජිනීවා යන්න වෙනවා. ගිහින් මේ දුක්ගැනවිල්ල කියන්න වෙනවා. යැයි කාදිනල් හිමිපාණෝ පැවසූහ.

advertistmentadvertistment
advertistmentadvertistment