පාස්කු ප‍්‍රහාරය පිටුපස ගැඹුරු කුමන්ත‍්‍රණය හෙළිකරන්න…. කටවල් වහන්න සමහර බුද්ධි නිලධාරීන්ට උසස්වීම් දුන්නා

964
පාස්කු ප‍්‍රහාරය පිටුපස ගැඹුරු කුමන්ත‍්‍රණය හෙළිකරන්න.... කටවල් වහන්න සමහර බුද්ධි නිලධාරීන්ට උසස්වීම් දුන්නා

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පසුපස ගැඹුරු කුමන්ත‍්‍රණයක් තිබෙන බවට හිටපු නීතිපතිවරයා කළ ප‍්‍රකාශය අද වනතුරු අමතක කර ඇති බවත් ඔහුගෙන් ඒ පිළිබඳ කරුණු විමසා මෙම කුමන්ත‍්‍රණය රටට හෙළිකළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (13දා* පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
 
 කොළඹ අගරදගුරු මැ`දුරේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
 
 ජනාධිපති කොමිෂන් සභාව විසින් පවත්වනු ලැබූ විමර්ශනවලදී හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සිය රාජකාරිය සහ වගකීම පැහැරහැර ඇති බවද එහිදී අසාර්ථකත්වය නොසැලකිල්ල ඉක්මවා ගොස් ඇති බවද කාදිනල්තුමා කීවේය.
 
 මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කළ සිද්ධියේදී සහරාන් අත්අඩංගුවට ගතයුතු බව පොලිසිය නිර්දේශ කළ අවස්ථාවේ අහක යන නයි රෙද්ද අස්සේ දාගැනීමට අවශ්‍ය නැතැයි දේශපාලන නායකයෙක් කියා තිබුණු බවද කාදිනල්තුමා සිහිපත් කළේය.
 
 පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව විමර්ශන සහ එම වාර්තාවල අඩුපාඩු සහිත ලිපියක් ජනාධිපතිතුමා වෙත භාර දුන් බව පැවසූ කාදිනල්තුමා මෙසේද සඳහන් කළේය.
 
 පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම පැවැත්වූ පරීක්‍ෂණ වාර්තාවලින් සමහර කරුණු පාර්ලිමේන්තුවේ කතාබහට ලක්වුණා. එසේ කතාබහට ලක්වූ කරුණු පිළිබඳ වහාම විමර්ශනයක් කළ යුතුයි.
 
 පොලිස් පරීක්‍ෂණවලට හා රහස් පොලිස් පරීක්‍ෂණවලට දේශපාලන නායකයන් ඇඟිලි ගහනවා.
 
 මෙම ප‍්‍රහාරය පසුපස සිටින බලවේගය සොයා බැලිය යුතුයි. සාධාරණය යුක්තිය තාම ඉටුවෙලා නැහැ.
 
 අහවලා උසාවි දැම්මා කියා පරීක්‍ෂණවලින් බේරිලා යන්න බැහැ.
 
 මෙම සිද්ධිය පසුපස කුමන්ත‍්‍රණයක් තිබෙන බවට හිටපු නීතිපතිවරයා ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කර තිබෙනවා. ඔහුගෙන් යළි කරුණු විමසීමක් සිදුකළහොත් සත්‍යය අනාවරණය විය හැකියි.
 
 මාධ්‍ය – නීතිපතිවරයා විශ‍්‍රාම ගිය පසු එය දැන් ප‍්‍රකාශ කරන්නේ ඇයි?
 
 කාදිනල්තුමා – ඔහු එම ප‍්‍රකාශය කළේ විශ‍්‍රාම යෑමට ආසන්නව සිටියදීයි. මීට පෙරත් ඔහු කළ එම ප‍්‍රකාශය අපි පැවසුවා. අපි කියන්නේ ස්වාධීන කණ්ඩායමක් පත්කර මෙම පරීක්‍ෂණ වහාම සිදුකළ යුතුයි කියලයි.
 
 හිටපු නීතිපතිවරයා ගැඹුරු ප‍්‍රකාශයක් කළා. ඒක අපිත් විශ්වාස කරනවා. මෙහි පසුපස විශාල කුමන්ත‍්‍රණයක් තියෙනවා කියලා. මෙම කුමන්ත‍්‍රණය රටට හෙළිවිය යුතුයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය කලින් දැන දැනත් කිසිදු වගකීමක් නොගෙන පැහැරහැරියා.
 
 හිටපු ජනාධිපති බුද්ධි අංශ නිලධාරීන් දන්නවා මේ කුමන්ත‍්‍රණය මොකක්ද කියලා. එක්කෝ මේ පිරිස කුමන්ත‍්‍රණයට හවුල් වෙන්න පුළුවන් කියලා සැකකරන්නත් පුළුවන්.
 
 සමහර නිලධාරීන්ට උසස්වීම් පවා දීලා තියෙනවා. ඇයි ඔවුන්ට උසස්වීම් දීලා තියෙන්නේ. දන්න දේවල් ගැන හෙළිවිය හැකි යැයි හිතලා වෙන්න පුළුවන්. ඔවුන්ගේ කටවල් වැසීමටයි.
 
 රජයට අපි බලකරනවා මෙම පරීක්‍ෂණ කල්දාන්න එපා කියලා. මේ අතර මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා විසින් පසුගිය 11 වැනිදා ‘දිවයින’ පුවත්පතේ පළ කළ ලිපියක් ලූක්මාන් පලීබ් නැමැත්තා අල්කයිදා හා අයි එස් අයි එස් සංවිධාන සමඟ පවත්වන ලද සබඳතා ගැන කරුණු හෙළිදරව් කර ඇතිමුත් මෙම පුද්ගලයන් අල්කයිදා හා අයි එස් අයි එස් සමග පැවැත් වූ සබඳතා පිළිබඳව පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළේ දැයි පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප‍්‍රකාශන කමිටුව ජනපතිවරයා වෙත යොමුකර ඇති වාර්තාවේ සඳහන් කර ඇත.
 
– නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment