පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ සාධාරණය ඉටුවන තෙක් මේ අරගලය නවත්වන්නේ නෑ!

267

අපි මේ අරගලය ශී‍්‍ර ලංකාව තුළ පමණක් නොවෙයි, ජ්‍යාතන්තර තලයටත් රැගෙන යනවා. අපේ රට ලෙයින් නහවලා මිනිසුන් අතුරුදන් කරල මිනී මරපු අයට කවදාවත් සුගතියක් අත්වන්නේ නැතැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කටුවපිටිය දේවස්ථානයේදී ප‍්‍රකාශ කළේය.

කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ පාස්කු ප‍්‍රහාරයට මාස තිහක් සම්පූර්ණවීම නිමිත්තෙන් කටුවපිටිය දේවස්ථානයේ පැවැති දේවමෙහෙයට පැමිණි අවස්ථාවේ මීසම්වාසීන් විසින් සකස් කළ සංදේශයක් භාරගැනීමේ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ කාදිනල් තුමා, අද පාස්කු ප‍්‍රහාරයට මාස තිහක් ගතවන දවස. මේ ප‍්‍රහාරයේ වින්දිත්යන්ට සාධාරණය ඉටුවීමට නම් මේ ප‍්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් කවුද යන්න ඉතාමත් විනිවිධ භාවයකින් සිදුකරන පක්ෂග‍්‍රාහි නොවන තරාතිරම නොබලා කරුණු සොයා බලන නිදහස් හා සධාරණ පරීක්ෂණයකින් සොයා බැලිය යුතු බව කතෝලික සභාව මුල සිටම ඉල්ලා සිටියා. අවාසනාවකට අද වනවිට එවැනි පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ. සිදුකරන පරීක්ෂණ දේශපාලන බලවේගවලට අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් පවතිනවා. එමනිසා එම පරීක්ෂණවලින් විනිවිධ භාවය, සත්‍යගරුක බව, නිවැරදිව තේරුම්ගන්න උත්සාහයක් නැති නිසා මේ පරීක්ෂණවලින් අපට කිසි වැඩක් නැහැ.

ජනාධිපති කොමිෂන් සභා වාර්තව ලැබිල දින දෙකකින් ජනාධිපතිවරයා මට දුරකථනයෙන් කතාකරලා කිව්වා මේ නිර්දේශ සියල්ල ක‍්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා. එතැනදීම මට පැහැදිලි වුණා කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක‍්‍රියාත්මක වන්නේ නැති බව. ඒක හරියටම සනාථ වූණේ දවස් කිහිපයකට පසු ජනාධිපතිවරයා විසින් එතුමාගේ පක්ෂයේම ඇමැතිවරු හයදෙනාගේ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කරන්න වාර්තාව භාරදුන් අවස්ථාවේ. දේශපාලන මතිමතාන්තර මුදුන්පත්කරගෙන මේ පරීක්ෂණ සහ කොමිෂන් සභා වාර්තා ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය සිදුවන නිසා විනිවිධ පෙනෙන සාධාරණ යුක්තිගරුක සත්‍ය හෙළිදරවු කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවන බව අප විශ්වාස කරනවා. පාස්කු බෝම්බ ප‍්‍රහාරයෙන් දිවි අහිමි වූ, තුවල වූ ජනතාවට ඔවුන්ගේ

ඥාතීන්ට සාධාරණය ඉටුවන තෙක් මේ අරගලය නවත්වන්නේ නැහැ. අපි ජනපතිගෙන් සහ මේ රජයෙන් ඉල්ලා සිටිනවා සත්‍ය හෙළිදරවු කරන්නට අවශ්‍ය පරීක්ෂණ ස්වාධීනව, නිදහස්ව, අපේ අයටත් සම්බන්ධ විය හැකි ආකාරයෙන් විනිවිධ පෙනෙන යාන්ත‍්‍රණයක් මගින් සිදු කරන්න කියලා. බොරු කතා කියල රවට්ටලා කතෝලික සභාව තුළ භේද ඇති කරලා එකිනෙකා කොටවලා තමන්ට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරනවා නම් එය ජයග‍්‍රණය කරන්නට දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ.

බලය තිබෙන අය සියලූ දේවල් ස`ගවනවා, ජනාධිපති කොමිසම එය පැහැදිලිව කියල තිබෙනවා. ගත යුතු ක‍්‍රියාමාර්ග, ඇයි ඒවා ක‍්‍රියාත්මක නොකර තෝර තෝරා ඉන්නෙ, මොකක් හරි රහසක් හංගන්න දෙයක් තියෙන බව පේනවා. මොනවද හංගන්නේ. මේ වරදට සම්බන්ධ නැත්නම්, මේ කුමන්ත‍්‍රණය පිටිපස්සේ නැත්නම් ඇයි අවශ්‍ය පරීක්ෂණ කරන්න ඉඩ නොදෙන්නේ, ඇයි බය වෙන්නේ. අපි දේශපාලන ලෝකයේ කිසිම නායකයකුට බය නැහැ

මීගමුව – විමල් කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment