පාස්කු විමර්ශන තොරතුරු හෙළි කිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් – පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

174

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් එම විමර්ශන සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මතවාද ගොඩනැගී ඇති බව පාස්කු ප‍්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා ඊයේ (25 දා) සඳහන් කළේය.

2019 වසරේ එල්ල වූ පාස්කු ප‍්‍රහාර මාලාව සහරාන් ඇතුළු කණ්ඩායමක් විසින් කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදෙක් තනි අපරාධයක් නොවන බව පොලිස්පතිවරයා පැවසීය.

එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමට සිදුවී ඇති බවත් ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් සහගතව සිදුකළ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් බව පෙනී යන බවත් පොලිස්පතිවරයා සඳහන් කළේය.

පොලිස්පතිවරයා පවසන්නේ මෙම අපරාධ විමර්ශනය ඉතා රහසිගතව සිදුකරන්නක් බවය.

ඒ හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු මහජනතාවට හෙළිකිරීම අධිකරණ කටයුතුවලට බාධාවක් විය හැකි බව ද හෙතෙම කීවේය.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment