පාස්පෝට් එක ඔන්ලයින් අයදුම් කිරීමට නව ක්‍රමය ජුනි 15ට පෙර

374

රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

නව ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන ජුනි මස පහළොස්වැනිදාට පෙර ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය. මේ අනුව දිවයිනේ ඕනෑම පළාතක පදිංචි අයකුට තම විදේශ ගමන් බලපත්‍රය දින තුනක් වැනි කාලයක් තුළ නිවසටම ගෙන්වා ගැනීමට හැකිවන බවද ඒ මහතා පැවසීය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අඅඅගසපපසටර්එසදබගටදඩගකන වෙබ් අඩවියට පිවිස නව ක්‍රමය යටතේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අයැදුම් කළ හැකි අතර ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ගොස් ඇඟිලි සලකුණු ලබා දීමෙන් අනතුරුව එයට අදාළ ගෙවීම් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකිය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල පනහක (50) දැනටමත් ඇඟිලි සලකුණු ලබා ගැනීමේ යන්ත්‍ර ඇතුළු අවශ්‍ය උපකරණ ස්ථාපිත කර ඇති අතර එම කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුව මගින් නව කුරියර් සේවාවක්ද හඳුන්වා දී තිබේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියට නීති විරෝධී ලෙස තැරැව්කරුවන් සම්බන්ධ වන බවට ඉකුත් දිනවල මාධ්‍ය මගින් අනාවරණය කෙරුණු අතර එම නීති විරෝධි කටයුතු නතර කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ලබා දුන් උපදෙස් අනුව නව වැඩපිළිවෙළ සකස් කළ බව ආගමන විගමන පාලකවරයා පැවසීය.

යම් අයකුට නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට හැකියාවක් නොමැති නම් ආසන්නයේම පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති ඡායාරූප ශාලාවකට ගොස් එම කටයුතු කර ගැනීමට ද අවස්ථාව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment