පාස්පෝට් කන්තෝරුවේ  පරිගණක පද්ධතිය යාවත්කාලීන  නොකිරීමෙන් ජනතාව පෝලිම්වල – ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක

144

ආගමන විගමන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතිය යාවත්කාලීන නොකිරීම නිසා පාස්පෝට් ලබාගැනීමට පැමිණෙන විශාල පිරිසක් පෝලිම්වල අපහසුතාවට පත්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඡායාරූප ශිල්පී ප්‍රසන්න හෙන්නායක මහතා පැවසීය.

මෙම ගැටලුව ඇතිවී තිබෙන්නේ දිවයින පුරා පිහිටි ඡායාරූපහල් මගින් ලබාගන්නා ඡායාරූප එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට, ඡායාරූපහල් යොමුකරනු ලැබුව ද පාස්පෝට් ලබාගන්නා පුද්ගලයා එම දෙපාර්තමේන්තුවට ගොස් තොරතුරු විමසීමේදී ඡායාරූප ලැබී නොමැති බවට පැවසීම බව ද ඔහු කීය.

දිවයින පුරා ඡායාරූපහල් 5000 ක් පමණ එම දෙපාර්තමේන්තුවට ඡායාරූප එවීම සඳහ ලියාපදිංචිවී ඇතත් පරිගණක පද්ධතිය යාවත්කාලීන වී නොමැති නිසා ඒවා භාවිත කිරීමේදී ගැටලු මතුවී ඇතැයි ද ඔහු කීය. මෙම පරිගණක පද්ධතියේ දෝෂයත් සමග ඇතැම් පිරිස් ද දෙපාර්තමේන්තුවට පාස්පෝට් ලබා

ගැනීමට පැමිණෙන පිරිස් ඡායාරූප නිසි ලෙස ලැබී නැතැයි පවසා ඒ අසල පිහිටි ඡායාරූපහල්වලින් නැවත වැඩි මිලට ඡායාරූප ගැනීම් සිදුකරන බවත් මෙය කිසියම් අක්‍රමවත් ක්‍රියාවක් ලෙස සලකන බවත් සමස්ත ලංකා වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් පෙරේදා (11 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

එක්තරා ආකාරයකට මෙම පද්ධතිය යාවත්කාලීන නොකිරීම ඇතැම් නිලධාරීන්ගේ අවශ්‍යතාවක් නොමැති නිසා සිදුකරනවාද යන්න සැක සහිත බවත්, රට මේ අවස්ථාවේ පත්ව තිබෙන ආර්ථික අර්බුදයට යම් විසඳුමක් ලබාදීම සඳහා ඉදිරිපත්වී සිටින තරුණ තරුණියන් විදෙස්ගතවීමට දරන උත්සාහය අධෛර්යමත් කිරීමට මෙසේ කටයුතු කරනවාද යන්න සැකසහිත බවත් ඒ මහතා කීය. මෙහිදී එම සංගමයේ ලේකම් නික්සන් ඇඹුල්දෙනිය මහතා ඇතුළු කිහිපදෙනකු ද අදහස් දැක්වූහ.

චමින්ද සිල්වා

ඡායාරූප – ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment