පාස්පෝට් කන්තෝරුවේ පිරිසිදු කිරීම් අංශයේ සේවකයාගේ මළ සිරුර පුටුවක් උඩ

288

ඝාතනයක් ද… දිවිනසා ගැනීමක් ද පොලිස් විමර්ශන

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පුටුවක් මත අභිරහස් අන්දමින් මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් ඊයේ (04 දා) උදේ හමු වූ බව තලංගම පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, වෙදමුල්ල. ශාන්ති විහාර මාවතේ පදිංචිව සිටි කේ. ඒ. ධර්මසේන (73) නමැති අයෙකි.

මොහු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිරිසිදු කිරීමේ අංශයේ සේවය කරමින් සිටි අයෙකි.

උදෑසන රාජකාරි අවශ්‍යතාවක් සඳහා යමින් සිටි යුද හමුදා සෙබළකු පුටුවක් මත වැටී සිටි එම පුද්ගලයාව දැක මේ ගැන එහි නිලධාරීන් දැනුවත් කර තිබේ. අනතුරුව එම නිලධාරීන් පොලිසියට කළ දැනුම්දීමකට අනුව පොලිසිය එහි පැමිණ විමර්ශන අරඹා ඇත.

එම ස්ථානයට පැමිණි තලංගම හදිසි මරණ පරීක්‍ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකිරීමෙන් අනතුරුව එම දේහය කොළඹ ජාතික රෝහල් අධිකරණ වෛi නිලධාරි කාර්යාලය වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා එම වාර්තා ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළාය.

මෙම මරණය ඝාතනයක්ද, දිවිනසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තලංගම පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment