පාස්‌කු ප්‍රහාරයට පූජිත හා හේමසිරිට අධිචෝදනා

446

පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට අධිචෝදනා පත‍්‍ර භාරදීමට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඒ අනුව, පාස්කු ඉරුදින එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වාගැනීමට ක‍්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර මිනීමැරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට අධිචෝදනා පත‍්‍ර භාරදීම සඳහා එම නඩු ලබන 27 වැනිදා කැඳවන ලෙස ද එම ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

 නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඞ් ඉර්ෂඞීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පෙරේදා (06දා* කැඳවනු ලැබීය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment