පාස්‌කු ප්‍රහාරයේ සැලසුම පිටුපස ISIS

566

පාස්කු ප‍්‍රහරය සැලසුම් කරන ලද්දේ අයිසිස් සංවිධානයේ දේශීය කණ්ඩායමක් බව රුසියානු ආරක්ෂක කවුන්සිලය අනාවරණයකර ගෙන ඇත.

මේ බව රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් සූර් නොකෝව් හෙළි කර තිබේ.

අයිසිස් සංවිධානයේ ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් අග්නිදිග ආසියාව, මැදපෙරදිග රටවල්වල කි‍්‍රයාත්මක වන බව ද ඔහු තවදුරටත් පවසා ඇත.

ශී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාර ජිහාද් න්‍යාය පත‍්‍රයට සම්බන්ධ ශී‍්‍ර ලාංකික කි‍්‍රයාකාරීන් විසින් මෙහෙයවූවක් යැයි නියෝජ්‍ය ආරක්ෂක ලේකම්වරයා කීවේය.

මේ ප‍්‍රහාර දියත් කළේ සිරියාවට ගොස් අයිසිස් කි‍්‍රයාකාරීන් සමග එක්ව සටන්කර ආපසු ශී‍්‍ර ලංකාවට පැමිණි අය බව ද හෙතෙම හෙළි කළේය.

පාස්කු ප‍්‍රහාරය ගැන රහස් පොලිසිය සහ එම ප‍්‍රහාරය සිදුවීමෙන් පසු මෙරට ඉන්ටර්පෝල් ශාඛාව රුසියන් ආරක්ෂක කවුන්සිලයේ හෝ රුසියානු ඉන්ටර්පෝල් ශාඛාවේ සහාය පතා නැත.

ඒ වෙනුවට ඇමෙරිකානු එස්. බී. අයි. පොලිසියේ සහ ඔස්ටේ‍්‍රලියානු පොලිසියේ සහය පැතූ රහස් පොලිසිය සහරාන්ගේ ජංගම දුරකතන නීතිවිරෝධීව එම පොලිසිවලට ලබාදී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment