පා ගමනින් පළාත් මාරුවන පිරිස අත්අඩංගුවට ගන්න – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

977

බස් රථවලින් පළාත් මායිම් වෙතට ළගා වී අනෙක් පළාත් වෙත පා ගමනින් යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘‘දිවයින’’ ට ඊයේ (18 දා) පැවැසීය.

එසේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය.

පොදු ප‍්‍රවාහන සේවාවලට හෝ අත්‍යවශ්‍ය සේවාවලට හැර අන් කිසිවකුටවත් පළාත් මායිම් හරහා ගමන් කළ නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළාත් මායිම්වල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, සියලූ අතුරු මාර්ග, පාලම් ආවරණය වන පරිදි මාර්ග බාධක, පොලිස් සංචාර යොදවා ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment