පා පැදි පදින්න පෙර සිතා බලනු

253

ඉන්ධන අර්බුදය හමුවේ සිය දෛනික ගමන් බිමන් සඳහා පාපැදිය යොදා ගැනීමට සුදානමින් සිටින අය එසේ කිරීමට පෙර තමන් ඒ සඳහා යෝග්‍යදැයි වෛද්‍යවරයෙකුගෙන් අනිවාර්යයෙන් විමසා උපදෙස් ලබා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශය පවසයි . පාපැදිය භාවිත කිරීම යෝග්‍ය ව්‍යායාමයක් සේ පිළිගැනුණද යමෙකු හෘදයාබාධ තත්ත්වයකින් ,අධික රුධිර පීඩනය ,ක්ලාන්ත ගතිය ,සිහිමද ගතිය ,සිහිය නැති වීම වැනි රෝග තත්ත්වයන්ගෙන් හෝ දියවැඩියාව ,වකුගඩු රෝග වැනි දීර්ඝ කාලීන රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් එවැනි අයෙකු පාපැදිය භාවිත කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණක් බව එම අංශය කියයි . විවේකීව සිටින විටදී, එදිනෙදා කටයුතු කරන විටදී හෝ ව්‍යායාම කරන විටදී පපුවේ වේදනාවක් හෝ අපහසුතාවයක් දැනී ඇත් නම් හෝ දීර්ඝ කාලීන බෙහෙත් ලබා ගැනීමක් කරන්නේනම් හෝ දැනට හෝ පසුගිය අවුරුද්ද ඇතුලත,අස්ථි සන්ධි , මෘදු පටක ආශ්‍රිතව (මාංශපේශී හා ඛණ්ඩරා සම්බන්ධ) රෝගී තත්ත්වයක් තිබී ඇත්නම් පා පැදිය පාවිච්චියට පෙර අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව වෛද්‍යවරු පවසති .

advertistmentadvertistment
advertistmentadvertistment