පැට් කමින්ස් ඔස්ටේ‍්‍රලියා නායකත්වයට

313

ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය වසර 70 කට පසුව වේග පන්දු යවන්නෙකුට හිමි කර දෙමින් සුප‍්‍රකට අළු බඳුන තරගාවලියේදී ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම වේග පන්දු යවන ක‍්‍රීඩක පැට් කමින්ස්ට පවරා ඇත.

ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දැරූ කඩුලූ රකින කී‍්‍රඩක ටිම් පේන් නායකත්වයෙන් සහ කණ්ඩායමෙන් ඉවත් වීම මත ඔහුගේ උප නායකයා ලෙස කටයුතු කළ කමින්ස්ට නායකත්වය හිමිවී තිබේ. කමින්ස්ගේ උපනායකයා ලෙස ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක සහ හිටපු නායකයෙකු වන ස්ටීව් ස්මිත් පත් කර තිබෙන අතර කමින්ස් ඔස්ටේ‍්‍රලියා ටෙස්ට් කණ්ඩායම මෙහෙය වන 47 වැනි නායකයා වේ.

කමින්ස් මේ වන විට ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම රැඳී සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment