පැටීගේ පවුල ලක්ෂ 600 ක බැංකු සෙල්ලමක… සැකකාරිය අත්අඩංගුවට… ගිණුම් 5 අත්හිටුවයි සල්ලි දාලා තියෙන්නේ කුඩු ජාලයේ කට්ටියයි

348

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් රුපියල් ලක්‍ෂ 600 කට අධික මුදලක් බැංකු ගිණුම් 05 ක් හරහා ගනුදෙනු කළ 41 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් දෙහිවලදී පෙරේදා (28 දා* අත්අඩංගුවට ගෙන ඇත. 02 – පිටුවට
 
 මෙම සැකකාර කාන්තාව ‘දෙහිවල පැටී’ නමැති ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිත්‍යානුකූල බිරිඳ බව විමර්ශනවලින් හෙළිි වී තිබේ. මෙම රුපියල් ලක්‍ෂ 600 ක මුදල වසර 4 ක කාලසීමාවක් පුරා බැංකු ගිණුම් 5 ක සංසරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
 මෙම බැංකු ගිණුම් 5හේ ගනුදෙනු කටයුතු අත්හිටුවීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
 
 මේ අතර මෙම බැංකු ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ ඒවාට මුදල් බැර කළ පුද්ගලයන් සියලූ දෙනා ප‍්‍රාදේශීය මට්ටමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වන ජාවාරම්කරුවන් බවයි.
 
 මෙහිදී අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා වන ‘පැටී’ නමැත්තා වෙලේ සුදා නමැති මහා පරිමාන හෙරොයින් ජාවාරම්කරුගේ නැගණියගේ සැමියා වන සුරංග සම්පත් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමග එකට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන පුද්ගලයකු බව හෙළිවී තිබේ.
 
 මෙම බැංකු ගිණුම්වල ඇති මුදල් සියල්ල මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කර දැමීමට කටයුතු කරන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
 
 – හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment