පැත්ත ගියත් ඇත්ත කතා කරන පත්තරේ – නෝමන්ට 75යි දිවයිනට 40යි

201

උතුරේ කොටි ත‍්‍රස්තවාදය පැමිණි සමයේදීත් 1983 – 84 සමයේදීත් ‘දිවයින’ වෙනුවෙන් අපි ඇත්ත කථා කළෙමු. ‘දිවයින’ පත‍්‍රයේ අපට ගහලා ලියනවා යැයි කියමින් කොටි නායකයෝ වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම ‘දිවයින’ උතුරේ තහනම් කර තිබුණි. එය මම හොඳාකාරව දැන සිටියෙමි. අද මෙන් එදා අන්තර්ජාල පහසුකම් නොතිබුණි. ජංගම දුරකථන සේවා, ෆැක්ස්, ඊමේල්, වර්ට්ස්ඇප් පහසුකම් කිසිවක් නොතිබුණි. පොලිස් ස්ථානවල සහ හමුදා කඳවුරුවල පිහිටි දුරකථන සම්බන්ධ කරගෙන උතුරු  නැගෙනහිර පිහිටි පොලිස් සහ හමුදා ස්ථානවලට අපි කථා කළෙමු.

 යුද්ද වාර්තාවලින් පෙරමුණ ගනියි

 යුද්ද වාර්තා ගත්තේ ඉතාමත් අසීරුවෙනි. සිද්ධියක් වූ මොහොතේම අපට මුලින්ම එම දැනුම්දීම සිදු කිරීමට හමුදා සහ පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙක් කි‍්‍රයා කළේ ඔවුන් ‘දිවයින’ට තිබෙන ඉතා ලෙන්ගතුකම නිසාය.

 මඩකලපු පොලිස් ස්ථානය කොටි අල්ලාගත් හැටිඋතුරේ යුද්ධ සමයේ මායිම් ගම්මානවලට කඩාපනින කොටි අහිංසක පවුල් නිදි පැදුරේම ඝාතනය කර තිබිණි. බස්, දුම්රිය ගමනා ගමන කටයුතු අඩාල කළේය.

 ‘දිවයින’ පත්තර කන්තෝරුවට උදෑසන සිට මහ ? වනතුරු දුරකථන පණිවුඩ ගලා එමින් තිබිණි. ඇතැම් අවස්ථාවලදී මම සිද්ධිය වූ ස්ථානවලට යෑමට පුරුදුව සිටියෙමි.

 එම ගමන් පවා අවදානම් වී තිබිණි.

 දිනය උදෑසන කන්තෝරුවට පැමිණි මම වෙනදා මෙන්ම උතුරු – නැගෙනහිර පිහිටි පොලිස් ස්ථානවලට සහ හමුදා කඳවුරුවල ප‍්‍රධානීන්ට දුරකථනයෙන් කතා කරමි.

 එදා උදේ මඩකලපුව පොලිසියේ ප‍්‍රධානියා වෙනුවට කතා කළේ සිංහල නොතේරෙන දෙමළ පුද්ගලයෙකි.

 දුරකථණ අංකය මට වැරදී ඇතැයි සිතා මම යළිත් මඩකලපුව පොලිසියට කතා කළෙමි.

 දෙමළෙන් පිළිතුරු දුන් පුද්ගලයා කතා කළේ එල්. ටී. ටී. ඊ. යන වචනයයි.

 මට පහලවූ සැකය මත මඩකලපුවේ තවත් පොලිස් ස්ථාන කීපයක ප‍්‍රධානීන්ට කතා කළෙමි.

 පුරුදු කටහඬවල් වෙනුවට ඇසුණේ දෙමළෙන් උත්තර දෙන පුද්ගලයන්ය.

 මෙම අභිරහස අනාවරණය කරගැනීම සඳහා මඩකලපුවේ හමුදා ප‍්‍රධානියකුට මම කතා කළෙමි.

 ‘නෝමන් අපිට ආරංචි වුණා මඩකලපුව ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට කොටි අත්පත් කරගෙන කියලා’

 අපි තව ටිකක් චෙක් කරලා බලමු යැයි හමුදා නිලධාරියා කීවේය.

 මඩකලපුවේ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ නායක කරිකාලන්ගේ දුරකථන අංක මා ළඟ තිබිණි.

 මම මේ පිළිබඳව ඔහුගෙන් විමසුවෙමි.

 ”අපි මඩකලපු පොලිසි ගණනාවක්ම අල්ලා ගත්තා” යැයි ඔහු කීවේය.

 කොටි මාධ්‍ය ප‍්‍රකාශක දයා මාස්ටර් අපට නිතර කතාකර විස්තර සැපයූහ.

 බැලින්නම් මඩකලපු පොලිසියේ දෙමළ පොලිස් නිලධාරීන්

 ගණනාවක්ම කාලයක් තිස්සේ කොටි සංවිධානයට බැඳී සිටි අය බව තහවුරු විය.

 මෙම පුවත ‘දිවයින’, ‘දි අයිලන්ඞ්’ කාර්යාලවලට මම දැනුම් දීම නිසා පත්තර කන්තෝරුව කඩි ගුලක් මෙන් ඇවිස්සී ගියේය.

 මෙම සිද්ධිය ඉතා හොඳාකාරව දන්නේ ‘දි අයිලන්ඞ්’ පත‍්‍රයේ ශමින්ද්‍ර පර්ඩිනැන්ඩුය.

 මේ අවධියේදී මා වඩාත් ප‍්‍රසිද්ධ වූයේ යුද වාර්තාකරුවකු වශයෙනි.

 යුද්ධය වඩාත් දරුණු වූ සමයේ ඇතිවූ සාම ගිවිසුම්වලදී මම වරක් දෙවරක් නොව පස් වතාවක්ම යාපනය, මඩකලපුව, මුලතිව් වැනි පළාත්වලට ගොස් කොටි නායකයන් සමඟ කතාබස් කර ඔවුන්ගේ අරමුණ ‘දිවයින’ පත‍්‍රයේ වරින් වර පළ කෙරුවෙමි.

 ‘දිවයින’ ඡුායාරූප ශිල්පීන් වූ නිහාල් චන්ද්‍රසේකර, මංගල වීරසේකර, චන්ද්‍රගුප්ත වීරවර්ධන, කේ. ඞී. එස්. ගුණසේකර, ශී‍්‍රලාල් ගෝමස් කැටුව යෑමට ද මම කි‍්‍රයා කළෙමි.

 ඇතැම් අවස්ථාවලදී මා උතුරේ සංචාරය කරන අවස්ථාවලදී මම කැමරාවක් රැුගෙන යෑමට පුරුදු වුණෙමි.

 අද මාධ්‍ය පාඨමාලා කරන ඇතැම් තරුණයන් යුද සමයේ සහ දකුණේ භීෂණ සමයේ පුංචි කොලූගැටව් විය හැකිය.

 උතුරේ යුද්ධයේ සහ දකුණේ භීෂණය පිළිබඳ මට ඇත්තේ අත්දැකීම් සමූහයකි. ඒ හැම මෙහි සටහන් කිරීමට අසීරුය.

 හිටපු හමුදාපතිවරයකු වූ විශ‍්‍රාමික ජෙනරාල් හැමිල්ටන් වනසිංහ, ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව එමෙන්ම ජෙනරාල් ලකී අල්ගම, ජෙනරාල් විජය විමලරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම තනතුරුවලින් පහළ නිලධාරීන් පවා ‘දිවයින’ට කතා කළේ ජාතික පත‍්‍රයක් ලෙස සළකමිනි. (ස්ටැන්ලි පේ‍්‍රමරත්න, කීර්ති වර්ණකුලසූරිය එමෙන්ම සිරිමෙවන් කස්තුරිආරච්චි, මාණ්ඩලික වාර්තාකරුවන් ලෙසත් එමෙන්ම ප‍්‍රාදේශීය වාර්තාකරුවන් වූ වව්නියාව දිනසේන රතුගම, පොළොන්නරුව වාර්තාකරු කරුණාරත්න ගමගේ, යාපනය වාර්තාකරු මරියදාස්, අනුරාධපුර වාර්තාකරු සිරිල් බස්නායක ඇතුළු පිරිසක් පවා යුද වාර්තා ලිවීමට දායක විය.

 කෙසේ වෙතත් යුද වාර්තාවලින් පවා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇතුළු දිනපතා ‘දිවයින’ මෙන්ම අයිලන්ඞ් පත‍්‍ර පෙරමුණ ගෙන කි‍්‍රයාකර තිබිණි. ඇතැම් දිනවල සිරිමෙවන් කස්තුරිආරච්චි එවකට උතුර නැගෙනහිර පළාත්වල සංචාරය කර දිවයිනට වාර්තා කළේය.

 උතුරේ මෙන් දකුණේ භීෂණ යුගයේදී ‘දිවයින’ යුක්තිය අයුක්තිය වෙනුවෙන් ඇපකැපවී කි‍්‍රයා කළේය.

 දකුණේ භීෂණය සහ උතුරේ ත‍්‍රස්තවාදය තදින් හෙළා දකිමින් ‘දිවයින’ රටේ තොටේ ආරංචි අභීතව පළ කළේය. මේ අතරතුර ටයිම්ස් ආයතනයේ නිදහස් මාධ්‍යවේදියකු වූ නාරද නිශ්ශංක, සහ චන්ද්‍රසිරි දොඩංගොඩ, ජයන්ත චන්ද්‍රසිරි, කිත්සිරි නිමල්ශාන්ත, ජටිල වැල්ලබඩ, ශාන් විජේතුංග, සිසිර පරණතන්තී‍්‍ර ඇතුළු පිරිසක් අප සමග එක්විය. ‘දිවයින’ ආරම්භයේ සිටම සේවය කළ ධර්මරත්න විජේසුන්දර සහ දැනට දි අයිලන්ඞ් පත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු ලෙස සේවය කරන (අයිලන්ඞ් ප‍්‍රවෘත්ති කර්තෘ* ශමින්ද්‍ර පර්ඩිනැන්ඩු එදා ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය මෙහෙය වූ (ජවිපෙ* නායකයකු සමග දකුණු පළාතේ රහසිගත ස්ථානයක ‘දිවයින’ වෙනුවෙන් විශේෂ පුවත්පත් සාකච්ඡුාවක් පැවැත්විය.

 එම භීෂණ අවධියේදී සන්නද්ධ තරුණයන් සිදුකළ විවිධ අපරාධ සියල්ලම දිවා රාති‍්‍ර දෙකේම මම ‘දිවයින’ වෙනුවෙන් වාර්තා කළෙමි.

 ශමින්ද්‍ර සහ ධර්මරත්න විජේසුන්දර සමග පුවත්පත් සාකච්ඡුාව පැවැත්වූ ජවිපෙ නායකයා මා පිළිබඳව අනතුරු ඇ`ගවීමක් කර තිබිණි.

 නෝමන් පලිහවඩනට කියන්න ටිකක් ප‍්‍රවේසම් වෙන්න එයා ඕනෑවට වැඩියෙන් අපේ අරගලය හෑල්ලූ කරනවා යැයි ඔහු සඳහන් කර තිබිණි. නැහැ ඔහු ලියන්නේ පොලිස් වාර්තා පදනම් කරගෙන යැයි ශමින්ද්‍ර ඔහුට දැනුම් දී තිබිණි. එහෙත් මට දිගින් දිගටම මරණ තර්ජන ගලා ඒමට පටන් ගෙන තිබිණි. මෙම තර්ජනාත්මක ලිපිවලින් කියැවුණේ මා මරා දැමීමට තීරණය කළ බවය. එය සනාථ කරමින් විවිධ කලා ශිල්පීන් රැුසක් ඒ වන විටත් ඝාතනය කර තිබිණි.

 දරු පවුල සමග ජීවිතය බේරා ගැනීමට විවිධ ආරක්‍ෂිත ස්ථානවලට යෑමට මට සිදුවිය. ‘දිවයින’ පත‍්‍රයේ වසර 40 ක කාලය තුළ රත්නපුරේ විශාල

 ගංවතුරක් හටගත්තේය. අනාථයන්ගේ සුවදුක් බැලීමට මම කැමරා ශිල්පී ප‍්‍රසන්න හෙන්නායක සමග රත්නපුරේ සංචාරයකට සහභාගි වුණෙමි.

 ගංවතුරට කොටුවී සිටි අනාථයන් පිරිසකට නාවික හමුදාව මගින් බෝට්ටුවක නැගී එම අනාථයන්ගේ උදෑසන කෑම පාන්, සම්බෝල සහ පරිප්පු රැුගෙන තවත් ගම්මානයකට අපි එම බෝට්ටුවෙන් ගියෙමු.

 බෝට්ටුව එම ස්ථානයට යද්දී දහවල් 12 ආසන්න වී තිබිණි.

 දේශපාලනඥයාගේ පිලිනු පරිප්පුව

 නාවික හමුදාව මගින් එදා ගෙන ගිය පොල් සම්බෝලය සහ පරිප්පු හොද්ද සම්පූර්ණයෙන්ම පිලිනු වී තිබිණි.

 මෙම පොල් සම්බෝලය සහ පරිප්පුව තනා ඇත්තේ එම පළාතේ දේශපාලනඥයකුගේ මැදිහත්වීමෙනි. ගංවතුර අනාථයන්ට උදව් කිරීමට ගිය නාවික හමුදාව එදා එම අනාථයන්ගේ දෝෂාරෝපණවලට ලක්වූවා පමණක් නොව නාවික හමුාව සහ මා සහ ප‍්‍රසන්නත් පණ බේරාගෙන එම බෝට්ටුවෙන්ම අපි ආපසු පැමිණියෙමු.

 ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ අපි මේ පුවතේ සැබෑ තත්ත්වය හෙළි කළෙමු. පසුදා අපට දුරකථනයෙන් තර්ජන ගර්ජන රාශියක් එල්ල විය.

 පසුව සැබෑ තත්ත්වය හෙළි කිරීමට අදාළ දේශපාලනඥයා කි‍්‍රයා කළේය.

 බැලින්නම් පරිප්පු සහ සම්බෝල නරක් වී ඇත්තේ ඒවා විශාල වශයෙන් සෑදිය යුතු නිසා පාන්දර හතරේ සිට පිළියෙළ කළ බවය. පරිප්පු සහ සම්බෝලය තෙම්පරාදු නොකළේ අත් වැරැුද්දකින් බවට අනාවරණය වී තිබිණි.

 දේශපාලනඥයාගේ පිලිනු පරිප්පුව රටේ මහත් ආන්දෝලනයකට තුඩුදුන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ නිසාය.

 එවකට අග‍්‍රාමාත්‍ය ආර්. පේ‍්‍රමදාස මහතා සුචරිත ශාලාවේදී ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් පැවැත්විය.

 මගේ මතකයේ හැටියට එය වාර්තා කිරීමට ගියේ සුනිල් කළුබෝවිල සහ මාය. මෙම සාකච්ඡුාවට අප සහභාගි වූයේ පැය භාගයක පමණ කාලයක් ප‍්‍රමාද වීමෙනි. සුචරිතයේ ගේට්ටුව අසල සිට උසස් පොලිස් නිලධාරියෙක් ‘වෝකි ටෝකි’ යන්ත‍්‍රයෙන් කිසියම් ඉහළ නිලධාරියෙක්ට කතා කළේය.

 ‘හරි හරි සර් ඔන්න දිවයිනේ කට්ටිය දැන් ආවා’ කියමින් එම පොලිස් නිලධාරියා අප දෙස බලා මෙසේ කීවේය.

 ‘හරි වැඬේ දිවයිනේ කට්ටිය එනතුරු පේ‍්‍රමදාස මහත්තයා පුවත්පත් සාකච්ඡුාව තාම තිබ්බේ නැහැ ඉක්මනට යන්න.’

 ‘ඔන්න දිවයිනේ කට්ටිය ආවා. දැන් අපි පටන් ගනිමු. ‘දිවයින අපිට අරියාදු කළත් ‘දිවයින’ට මිනිස්සු කැමතියි කියමින් අග‍්‍රාමාත්‍ය පේ‍්‍රමදාස මහතා සිනාසුණේය.

 නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment