පැතිරෙන කතා බොරු යළි මහ බැංකු අධිපති වෙන්න මගේ කිසිම අදහසක් නෑ

231

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ‘දිවයින’ට කියයි

නැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට තමා තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් කරගෙන යන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා කීවේය.

වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කර යළි ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැංකු අධිපති ධුරයට පත් කිරීමට යන බවට පැතිර යන ආරංචිය සම්බන්ධයෙන් ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ආචාර්ය කුමාරස්වාමි මහතා මේ බව කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment