පැතුම් ඉන්දියාවේදී හොඳම නළුවා වෙයි

540

ඉන්දියාවේදී පසුගියදා අවසන් වූ ඉන්ඩි ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවෙල් 2022 කෙටි චිත්‍රපට තරගයේ හොඳම නළුවා බවට පත්වීමට නවක රංගන ශිල්පියෙකු වන පැතුම් මහගම සමත්ව ඇත. ඔහුට මෙම ජයග්‍රහණය හිමිව තිබෙන්නේ “ෆේස්” නමැති කෙටි චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙනි.

පැතුම් ඉන්දියාවේදී හොඳම නළුවා වෙයි

විනාඩි 10 ධාවන කාලයක් ඇති ෆේස් කෙටි චිත්‍රපටය තිර කතාව ලියා තිබෙන්නේ ද පැතුම් මහගම විසින්ය. මෙම චිත්‍රපටය කිසිදු දෙබස් ඛණ්ඩයකින් තොර වූවකි. පැතුම් සමග මෙම චිත්‍රපටියේ සම අධ්‍යක්ෂණය සඳහා සචින් සෙල්දින් කුමාරන් දායකත්වය ලබා දී තිබේ. ඉන්ඩි ෂෝට් ෆිල්ම් ෆෙස්ටිවෙල් 2022 තරගය අන්තර්ජාතික වශයෙන් කෙටි චිත්‍රපට සඳහා උනන්දුවක් දක්වන ආධුනික නිර්මාණකරුවන් සඳහා වෙන් වූ තරගයකි.

නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි පැතුම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකි.

නුවරඑළිය නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment