පැතුම් කර්නර්  පෙර ඇප මත  මුදා හැරේ

120

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට තිබියදී නීතිඥවරුන් මගින් අධිකරණයට භාරවූ විශේෂඥ වෛද්‍ය පැතුම් සංඛ කර්නර් මහතා පෙර ඇප මත මුදා හැර වරෙන්තු නියෝගය ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂනණ කැකුණවෙල මහතා ඊයේ (24 දා) නියෝග කළේය.

පසුගිය 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී නොසිටියේ නඩු දිනය නිවැරදිව වටහා නොගැනීම නිසා වන බවත් සිදු වූ එම අතපසු වීමට අධිකරණයෙන් සමාව අයැද සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment