පැතුම් කර්නල් ඇතුළු පිරිසක් CIDය සොයයි

809

පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීම සඳහා ඉකුත් 13 වෙනිදා අරගලකරුවන් කැඳවා ප්‍රකෝපකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ ගත් බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වන කේඩී ලාල්කාන්ත සුනිල් හදුන්හෙට්ටි සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නල් නැමැති අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමට පොලිස්පතිගෙන් නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පවසයි. එසේම මොවුන්ගේ ගුවන් ගමන් තහනම් කිරීමට ද පියවර ගෙන ඇත. කෙසේ වෙතත් මේ දක්වා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment