පැතුම් රැසක් මැද ලෝකය 2023 උද්‍යෝගයෙන් පිළිගනී

106

2023 නව වසර උදාව සැමරීම වෙනුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් 31 වැනිදා රාත්‍රියේ ගාලුමුවදොරට රැස්ව සිටියහ. කමින් බොමින් නොයෙක් විනෝද ක්‍රීඩාවල යෙදෙමින් නව වසර උදාවනතුරුම මේ පිරිස ගාලුමුවදොර ගතකළ අතර නව වසර උදාවෙද්දී එම ස්ථානයේ මල්වෙඩි සංදර්ශනයක් ද පැවැත්විණි. මේ අතිවිශාල ජනකාය තිළිණ කලුතොටගේ ඡායාරූපයකට මෙසේ හසුව තිබිණි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකක් පමණ නව වසර උදාව සැමරීමට නොහැකි වූ ලෝකවාසී ජනතාව මෙවර නව අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූහ. ශ්‍රී ලාංකිකයෝද මහත් උනන්දුවෙන් හා ප්‍රීතියෙන් නව අවුරුදු උදාව සමරූහ. එම නිසා කොළඹ නගරයට වාර්තාගත ජනකායක් රැස්වූ 31 රාත්‍රිය ගිනිකෙළි හඬින් දෙදෙරුම් කෑවේය.

කොරෝනා වසංගතය, රුසියානු – යුක්‍රේන යුද්ධය ආදිය මුල්කර ගනිමින් ලොව පුරා ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති පසුබිමක නව අවුරුදු උදාව මෙරට මෙන්ම ලෝකවාසී ජනතාව සහනයක් අපේක්ෂා කරන බලාපොරොත්තු ගොඩනගාගෙන සිටිති.

මේ අතර උතුරු කොරියාව නව වසර ආරම්භයත් සමග තවත් බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් ඊයේ (01දා) අලුයම 2.50ට පමණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ පියොංයැන්ග් සිට එම බැලැස්ටික් මිසයිලය එල්ල කර ඇති බවය.

රුසියානු යුද්ධයට මැදිව සිටින යුක්‍රේනය ද නව අවුරුදු උදාව සැමරීම විශේෂත්වයකි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment