පැනගිය දියණිය භාරදීමට මවුපියන්ගෙන් පන්දාහක් ලබාගත් එප්පාවල එස්අයිගේ වැඩ තහනම්

388

පේ‍්‍රම සම්බන්ධතාවයක් මත පොළොන්නරුව ප‍්‍රදේශයේ තරුණයකු සමඟ ගෙදරින් පැන ගොස් එප්පාවල ප‍්‍රදේශයේ නිවසක පෙම්සුව විඳිමින් සිටි සිසුවියක් පොලිස් භාරයට ගෙන සිටියදී සිසුවිය පොලිස් භාරයෙන් දෙමාපියන්ට භාරදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් මුදලක් ලබාගත් එප්පාවල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක ඒ. එම්. ඒ. සී. අබේසිංහ යන සැකකරුගේ සේවය 2021.07.06 තහනම් කර ඇත.
 
 වින්දිත දැරිය දෙමාපියන්ට භාරදීමට නම් රුපියල් පන්දහසක මුදලක් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියදී එම මුදල උප පොලිස් පරීක්‍ෂකවරයාට ලබාදී ඒ පිළිබඳව පොලොන්නරුව සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම්දී තිබේ. පසුව සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුණ අදාළ මුදල එප්පාවල පොලිස් ස්ථානාධිපති රොහාන් අධිකාරි මහතා ඇතුළු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
 
 දැරියගේ දෙමාපියන් පොලොන්නරුව මොරගස්හේන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පහළොස් හැවිරිදි දියණිය මීට මාසයකට පමණ ඉහතදී දහඅට හැවිරිදි තරුණයා සමඟ පැන ගොස් ඇති බව පොලොන්නරුව පොලිසියට පැමිණිලි කර තිබුණ අතර දෙදෙනා එප්පාවල ප‍්‍රදේශයේ රැුඳී සිටියදී පොලිස් භාරයට ගෙන තිබුණි.
 
 අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ශාන්ත කොඩිසිංහ මහතා විසින් සැකකරුගේ සේවය තහනම් කර ඇත.
 
  කැකිරාව – සුදත් ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment