පැනල ගියේ නෑ මං රට ආවේ රාජකාරි වැඩකට – ඇවන්ගාඩ් සභාපති ස්විට්සර්ලන්තයේ සිට කියයි

431

තමා විදේශ ගතවූයේ රාජකාරි කටයුතු සඳහා බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දිවයිනට ඊයේ (07 දා) පැවසීය.

ස්විට්ස්ර්ලන්තයේ සිට දිවයින ඇමතූ ඒ මහතා තමා රටින් පැනගියේ නැති බවත් එසේ පැන යෑමට තමාට කිසිදු හේතුවක් නැති බවත් සඳහන් කළේය.

තමා මේ මොහොතේ ස්විට්සර්ලන්තයේ සිටින්නේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් තම රාජකාරි කටයුතු පවතින්නේ ජාත්‍යන්තරය සමග බැවින් රැුකියාවේ ස්වභාවය අනුව ඕනෑම රටකට යා හැකි බවත් ඒ මහතා කීවේය.

රාජකාරි කටයුතු අවසන්වූ පසු යළි ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව පැවසූ ඒ මහතා මෙලෙස ජාත්‍යන්තරය සමග එක්ව රැකියාවක නිරතවන්නේ වසර ගණනාවක සිට බවද කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment