පැන්ඩෝරා ලියවිලිවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප‍්‍රධානියා, සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් සහ මාධ්‍ය පාර්ශ්ව පහකගේ වත්කම් හෙළි වෙයි

721

පැන්ඩෝරා ලියවිලිවලට අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු ප‍්‍රධානි ස්ට‍්‍රාවුන් කාන් -පාකිස්තානයේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන් පස් දෙනෙක් ඉන්දීය සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් කොළම්බියා ගායිකා ෂකිරා සහ ජර්මානු සුපිරි නිරූපණ ශිල්පිනි ක්ලෝබියා ෂෙපර් සතු කළු සල්ලි ද වෙරළින් පිටත සමාගම්වල ඇතැයි අනාවරණය වේ.

කළු සල්ලි හිමි පාකිස්තාන් මාධ්‍යවේදීන් අතර ජැක් මීඩියා සමාගමේ ප‍්‍රධාන කර්තෘ ෂකිලූර් රහ්මන්, ඩෝන් පුවත්පත් සමාගමේ විධායක හමිඞ් ගරුන්, එක්ස්ප‍්‍රස් මීඩියා සමාගමේ ප‍්‍රධානී සුල්තාන් අලි, පාකිස්තාන් ටුඬේ කර්තෘ අනිට් නිශානි සහ රුසියාවේ චැනල් ටච් රූපවාහිනියේ විධායක කොන්ස්ටන් ටයිම් අර්නස්ට්ද වේ.

පැන්ඩෝරා ලියවිලිවලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු ප‍්‍රධානියා, සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩක සචින් තෙන්ඩුල්කාර් සහ මාධ්‍ය පාර්ශ්ව පහකගේ වත්කම් හෙළි වෙයි

මෙම පැන්ඩෝරා ලියවිලිවලින් ලොව පුරා සිටින දේශපාලකයන් 336 කගේ රහස් වත්කම් හෙළි කර ඇත. එම රහස් තොරතුරු හෙළි වී ඇත්තේ අයිකෝගල් නමැති පැනමා නීති සමාගමෙනි.

මේ අතර පැරගුවේ හිටපු ජනපති හොරේෂියෝ කාර්ටන්, එල්සැල්වදෝර් ජනපති ඇල්ප‍්‍රටෝ කි‍්‍රස්ටියාන්, එල්සැල්වදෝර් හිටපු ජනපති ප‍්‍රැන්සිස්කෝ සෙරජන්, කොළම්බියා හිටපු ජනපති සියර් ගාවේරියා, පීරු හිටපු ජනපති පෙට්රෝ පැව්ලෝද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් වී ඇත.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment