පැන්ඩෝරා සිද්ධිය: තිරු කුමාර් නඬේෂන් අද අල්ලස් කොමිසමට

80

ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ඇමැතිනි නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඬේෂන් මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම හමුවේ අද (09දා) පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ දැනුම්දීම අනුව කොමිසම මෙම පරීක්‍ෂණය ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වද විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙන අතර තිරුකුමාර් නඬේෂන් මහතාද තමාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත. තිරුකුමාර් මහතා අද (08දා) පෙරවරු 9.00ට කොමිසම හමුවට කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment