පැන්ඩෝරා හෙළිකිරීම ගැන මසක් ඇතුළක වාර්තාවක් දෙන්න – ජනපති නියමයෙන් අල්ලස් කොමිසම වැඩ අරඹයි

161

* මා ගැන පරීක්‍ෂණයක් කරන්න – තිරුකුමාර් නඬේසන් ජනපතිගෙන් ඉල්ලයි

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පති‍්‍රකාවල නම සඳහන් ශී‍්‍ර ලාංකිකයන් හා එම ගනුදෙනු පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නියෝගකර ඇත.

පැන්ඩෝරා හෙළිකිරීම ගැන මසක් ඇතුළක වාර්තාවක් දෙන්න -  ජනපති නියමයෙන් අල්ලස් කොමිසම වැඩ අරඹයි

අදාළ විමර්ශන වාර්තාව මාසයක් ඇතුළත ලබාදෙන ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයාට ඊයේ (6 දා) උදෑසන නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති නීති අධ්‍යක්‍ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත මේ බව ලිඛිතව දැනුවත්කර ඇත.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරියක වූ නිරූපමා රාජපක්‍ෂ මහත්මියගේ සැමියාවන ව්‍යාපාරික තිරුකුමාර් නඬේසන් මහතා පැන්ඩෝරා පති‍්‍රකාවල තමාගේ නම සඳහන්වීම පිළිබඳව විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු ප‍්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අනුර බාලසූරිය,ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment