පැන්ඩෝරා හෙළිදරව්ව: දයාසිරිගේ යෝජනාවට කිරිඇල්ලගේ ‘සපෝට්’එක

246

පැන්ඩෝරා පති‍්‍රකා මගින් හෙළිදරව් වූ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) ඉල්ලීමක් කළේය.

එම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ සහයෝගය හිමිවන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී සඳහන් කළේය. ඒ අනුව එලෙස තේරීම් කාරක සභාවක් පත් කළහොත් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්න අයට අදහස් දැක්විය හැකි බව ද දයාසිරි ජයසේකර මහතා කීය. එපමණක් නොව ඒවායින් චෝදනා ලබන අයට මෙන්ම නිරුපමා රාජපක්ෂ මහත්මියට ද තිරු නඬේෂන් මහතාට ද ඊට සහභාගි වී තම අදහස් දැක්වීමට හැකිවනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment