පැන්ෂන් ගිය රාලහාමිගේ ගණිකා නිවාසයට පොලිසියෙන් පනියි – පොත්පත්වල සැමියන්ගේ නම්

1461

නීතියේ රැහැනට හසු නොවන පරිදි ඉතා සූක්ෂම අයුරින් විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු විසින් තඹුත්තේගම පොලිස් වසමේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 5දෙනකු සමග එය පවත්වා ගෙන ගිය විශ‍්‍රාමික පොලිස් නිලධාරියා පෙරේදා (15 දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

 මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, රාජාංගණය, ගල්ගමුව සහ නොච්චියාගම යන ප‍්‍රදේශවල සිට පැමිණ ගණිකා වෘත්තියේ නිරත වූ වයස අවුරුදු 25ත් 45ත් අතර වියේ පසුවන කාන්තාවන් පස්දෙනකු සහ වයස අවුරුදු 52ක්වන ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය ප‍්‍රධාන සැකකරු බව පොලිසිය පවසයි.

 උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත් මහතාට ලැබුණු තොරතුරකට අනුව තඹුත්තේගම – තලාව ප‍්‍රධාන මාර්ගයේ, ඒරියාගම ප‍්‍රදේශයේ වසර දහයක පමණ කාලයක සිට පවත්වා ගෙන ගිය කාමර හයකින් සමන්විත ලැගුම් හලක් පරීක්ෂාවට ලක් කිරීමේ දී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

 මෙහි කාන්තාවන් දෙදෙනකු පොලිසියට හසු නොවන පරිදි තම නීත්‍යානුකූල සැමියන් දෙදෙනා සමග ගණිකා සේවයට පැමිණෙන බවත්, සැමියන් නොමැති කාන්තාවන් තිදෙනා වෙනත් පිරිමින් තිදෙනකු සමග මෙම වෘත්තියේ නිරත වීමට පැමිණ හැඳුනුම්පත් ලබා දී කාමරවලට වී සිටින බවත්, මෙම කාන්තාවන් මිල දී ගැනීමට ගැනුම්කරුවකු පැමිණිවිට එම කාන්තාවන් රැුගෙන ආ නීත්‍යානුකූල සැමියන් සහ අනියම් පුරුෂයන් එම ස්ථානයෙන් ඉවත්ව සිටින බවත් පොලිසිය සඳහන් කළේය.

 එම ලැගුම් හලේ පොත්වල සටහන් කර තිබෙන ආකාරයට නීත්‍යානුකූල සැමියා සමග මෙම කාන්තාවන් කාමරවල ලැගුම් ගෙන සිටීම හේතුවෙන් ඉතා සූක්ෂම ලෙස පොලිස් උපාය ¥තයකු යොදා කාන්තාවක මිලට

 ගැනීමෙන් අනතුරුව ප‍්‍රධාන සැකකරු සහ ගණිකා වෘත්තීයේ නිරත වූ කාන්තාවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

 කාන්තාවන් මිලදී ගැනීම සඳහා පැමිණෙන ගැනුම්කරුවන්ට ප‍්‍රධාන සැකකරු විසින් කාන්තාවන් පස්දෙනා ම පෙන්වනු ලබන බවත් වයස 25 – 30 සීමාවල කාන්තාවන් රුපියල් 6000ක මුදලකටත් 30ට වැඩි කාන්තාවන් 4000ක මුදලකටත් අලෙවි කරන බවත් එක් වාරයක දී රුපියල් 2000ක මුදලක් මෙම ජාවාරම කරගෙන යනු ලබන ප‍්‍රධාන සැකකාර විශ‍්‍රාමික පොලිස් නිලධාරියා ලබා ගන්නා බවත් සිදු කළ ප‍්‍රශ්නවල දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

 කාලයක සිට කරගෙන ආ මෙම ජාවාරමෙන් ගණිකා නිවාසය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා එක් දිනකට පනස් දහසකට වැඩි මුදලක් උපයාගෙන ඇති බව ද පොලිසිය කීය.

 අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා සහ එය පවත්වාගෙන ගිය ප‍්‍රධාන සැකකරු ඊයේ (16 දා* තඹුත්තේගම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත, අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජයන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙය වීමෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන් මහතා, කාන්තා උ. පො. ප. ප‍්‍රියදර්ශනී, පො.සැ. බණ්ඩාර (48317*, පො.සැ. නිශාන් (61406*, පො.කො. ඉන්දික (48346*, තරිඳු (78621*, රාජරත්න (66934*, යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment