පැන්ෂන් යන්න ඉන්න සෞඛ්‍ය නිලධාරීන් පුහුණුවීම්වලට ලෝක සවාරි ගිහින්….

312

සමහරු ඇමැති ගෙන් අවසර ගෙනත් නෑ

වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිතව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් විවිධ පුහුණුවීම්වලට යැයි කියමින් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල වියදමින් විවිධ රටවල සංචාරවල නිරතවී ඇති බව එම අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

මෙසේ විශ්‍රාම යෑමට නියමිතව සිටින උසස් නිලධාරීන් 11 දෙනෙකු පසුගිය මාස දෙක තුනක කාලසීමාවේ දී යුරෝපය, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක සංචාරය කර ඇති බව වාර්තා වෙයි.

මෙම සංචාරයන් සඳහා සහභාගි වූ උසස් නිලධාරීන් ගෙන් ඇතැමෙකු ඇමැතිවරයාගේ පවා අනුමැතිය නොමැතිව ගොස් ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය සේවය සම්බන්ධව උසස් නිලධාරියෙකු දිවයිනට කියා සිටියේ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල වියදමින් මෙම පුහුණුවීම් සඳහා යැවිය යුත්තේ තරුණ නිලධාරීන් බවයි. එසේ තිබියදී තරුණ නිලධාරීන්ට අවස්ථාව ලබා නොදී මේ වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිතව සිටින නිලධාරීන් එම පුහුණුවීම් සඳහා විදෙස් ගත කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක් බවද එම උසස් නිලධාරියා කීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල රුපියල් ලක්‍ෂ ගණනක වියදමින් විදෙස් පුහුණුවීම් සඳහා ගිය උසස් නිලධාරීන් තමන් ලබාගත් පුහුණුවීම් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර නොමැති බවද වාර්තා වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment