පැපුවා නිව්ගිනියාවෙන් සොරාගෙන ආ වාලම්පූරියක් කෝටියකට විකුණන්න යද්දී අම්පාරේදී අත්අඩංගුවට

448

රුපියල් කෝටියක මුදලකට අලෙවියට සූදානම් කර තිබූ වාලම්පූරියක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පෙරේදා (11වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

අම්පාර පොලිස් වසමේ වෙළෙදසලක් අසලදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මෙම වාලම්පූරිය අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී.

පැපුවා නිව්ගිනියාවෙන් සොරාගෙන ආ වාලම්පූරියක් කෝටියකට විකුණන්න යද්දී අම්පාරේදී අත්අඩංගුවට

එහිදී ලද බුද්ධි තොරතුරුවලට අනුව උපාය දූතයකු යොදවා දුරකථන මාර්ගයෙන් වාලම්පූරිය අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් බලපත්‍ර නොමැතිව රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වාලම්පූරියක් සන්තකයේ තබාගෙන සිටි

ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් වාලම්පූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මෙම වාලම්පූරිය ඔහු සේවය කළ පැපුවා නිව්ගිනියාව රටේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලකින් සොරාගෙන ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත පැමිණ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේද නීතියේ ඇසට වැලි ගසමින් මෙම වාලම්පූරිය රැගෙන ආ බවට විශේෂ කාර්ය බළකාය කරුණු අනාවරණය කරගන්නා ලදී.

විශේෂ කාර්ය බළකාය අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය අම්පාර කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment